හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වරෙනතු නිකුත් කර තිබේ.
කොල්ලුපිටියේ සහ ගාලු මුවදොර ‘ගෝ’ ගම්මානවලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී ඇත.
පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිස්ටර් ජනරාල් අයේෂා ජිනසේන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු පදිංචිව සිටි නිවාස මඟහැර සැගවී සිටින බවත් ඔහු විමර්ශන කණ්ඩායම් මඟහරිමින් සිටින එයින් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා සිටියාය.
ඒ අනුව පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන කරුණු කෙරෙහි සෑහීමකට පත්වන බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා ඒ අනුව මෙම වරෙන්තුව නිකුත් කළේය.