දෞපදී මුර්මු, මේ වෙනකොට ලෝකය පුරා පුවත් මවන්නට සමත් වී තිබෙන්නේ ඇයයි. දකුණු ආසියාවේ සන්තාල් ගෝත්‍ර කුළයෙන් පැවත එන පවුලක දියණියක් වූ ඇය පසුගියදා ඉන්දියාවේ පැවති ජනාධිපතිවරනයෙන් ඓතිහාසික ජයක් ලබාගෙන ඉන්දියාවේ ජනාධිපතිනිය බවට තේරී පත් වීමට සමත් වුනා. භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂකයා වූ දෞපදී මුර්මු මහත්මිය පරාජය කලේ ප්‍රතිවාදී විපක්ෂ අපේක්ෂකයා වූ යෂ්වන්ග් සිංග්හා මහතායි. දුප්පත්කම රජයන, පහසුකම් ඉතා සීමිත පරිසරයක හැදී වැඩුණු ඇය රජ පුටුව දක්වා ආවේ කොහොමද? සන්තාල් ගෝත්‍රයටම ආඩම්බරයක් වූ ඇය පැමිණි ගමන කොතරම් කටුකද? මේ වීඩීයෝවෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ සන්තාල් ගෝත්‍රයෙන් බිහි වී ලෝකයක් ජය ගැනීමට සමත් වූ ඉන්දියාවේ පළමු ගෝත්‍රික ජනාධිපතිනිය දෞපදී මුර්මු මහත්මිය පිලිබදවයි.