“ලස්සනට පිපුණු වනමල් – ගල් පීරන දියවැල් ” ජිවිතයේ එක දවසක් හරි ඔබත් මේ ගීතය අසා ඇති. අවුරුදු පනහක් තිස්සේ අදටත් එදා වගේම ජනප්‍රිය මේ ගීතයේ නිර්මාණකරුවා අද අපි අතරින් අවාසනාවන්ත විදියට සමු ගත්තා. ඒ අපි කවුරුත් හදුනන ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතායි. වයස අවුරුදු 76 දී තමන්ගේ දිවි සැරියට සමු දුන් ඔහු නිල නොළත් ගිනස් වාර්තාවක හිමි කරුවෙක් බව ඔබ නොදැන ඉන්නට ඇති. අදටත් විනෝද චාරිකාවකදී, ප්‍රිය සම්භාෂනයකදී නොවරදවා අසන්නට ලැබෙන ඔහුගේ ගැඹුරු සහ මියුරු හඩ හැරෙන්නට නිහාල් නෙල්සන්ගේ ජිවීතයේ ඔහු පැමිණි ගමන් මගේ බොහොමයක් තොරතුරු ඔබ නොදන්නවා ඇති. ඉතින් මේ අසමසම ගායකයා අපෙන් සමුගත් දිනයේම ඔහුගේ ජීව්තයේ මතක ආවර්ජනයක් ඔබ වෙත ගෙන එන්නයි මේ සූදානම.