සිය බිරියද හවුල්කරගනිමින් නිවසේ පවත්වාගෙන ගිය බූරුපොළට පොලිකරුවකුගෙන් ලබාගත් මුදල වෙනුවට තම පාසල් යන 16 හැවිරිදි දියණිය විකිණු බව කියන පියකු අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලීසියේ ළමා කාන්තා කාර්යංශය කියයි.
අගලවත්ත ප්‍රදේශයෙ පදිංචි මෙම දැරිය පොලීමුදලාලි වසරක පමණ කාලයක සිට අතවරයට ලක් කර ඇතැයිද පොලීසිය කියයි.
පොලීමුදලාලි රහසේ සිසුවියට ලබා දී තිබු ජංගම දුරකතනයක් පුංචි අම්මාට හසුවීමෙන් පසු මෙම අපරාධය හෙළි කරගෙන තිබේ.
දැරිය මාමා අතින්ද මීට වසර දෙකකට පෙර දුෂණයට ලක්වී ඇතැයිද පොලීසිය කියයි.
සැකකාර පියා ඊයේ (30) සවස අත්අඩංගුවට ගැනීමෙන් පසු මාමා සහ පොලී මුදලාලි ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයිද පොලීසිය සඳහන් කරයි.
දියණියන් දෙදෙනකුගේ මවක හා පියකු වන සැකකාර පියා තම නිසසේ කාලයක් තිස්සේ රහසිගතව සූදුපොළක් පවත්වාගෙන ගොස් තිබු අතර කලවාන ප්‍රදේශයේ 38 හැවිරිදි විවාහක පුද්ගලයකු මෙම සූදුපොලට මුදල් පොලීයට දිමට විටින් විටමෙම නිවසට පැමිණ තිබේ.
සැකකාර පියා බූරුවා ගැසීමට පොලීමුදලාලිගෙන් ලබාගත් මුදල් ගෙන ඒ වෙනුවට තම දියණිය ලිංගික කටයුතු සඳහා යොමුකර ඇති බව පරීක්ෂණ වලින් අනාවරණය වී ඇතැයි ද පොලීසිය කියයි.
මෙමඅපරාධය සඳහා මවගේ කිසිදු අනුමැතියක් ලැබී නැතයි ද පොලීසිය කියයි.\
(ලක්මී කුඩලිගම)