ඇමරිකානු ජාතික ධර්මදූත සේවයේ යෙදුණු ජෝන් චෝව් ධර්ම ප්‍රචාරණය සදහා ඉන්දියානු සාගරයේ සෙන්ටිනල් දූපත වෙත ගියේ අනෙක් දූපත් වලින් වගේම තමන්ට සුහද පිළිගැනීමක් ලැබේවී යැයි අපේක්ශාවෙන්. නමුත් ඔහුගෙන් දින කිහිපයකින් තොරතුරක් නොලැබීම මත සිදුකල පැමිණිල්ලක් නිසා ඉන්දියානු නාවික හමුදාව මේ අතුරුදහන් වීම පිලිබදව විමර්ශන ආරම්භ කිරීමට කටයුතු කලා.
ධර්මධූත සේවයේ යෙදුණු ජෝන් තමන්ගේ ජීවිතයෙන් සමුගෙන ඇති බව වටහා ගන්නට ඉන්දියානු පොලීසියට වැඩි වෙලාවක් ගත වූයේ නැහැ. ඔහු ඒ පා තබා තිබුනේ ලෝකයේ දරුණුතම සහ මරණීය ගෝත්‍රිකයන් ජීවත් වන සෙන්ටිනල් දූපතටයි. ගෝත්‍රිකයන් විසින් ඔහු ඝාතනය කර කපා කොටා වලදමන්නට ඇති බව බළධාරීන් අදටත් සිදුකරන අනුමානයයි.
වසර 60,000 ක සිට වෙනත් බාහිර කිසිදු මිනිසෙක් සමග සම්බන්ධකමක් නොදක්වමින් හුදකලාව ජීවත් වෙන මේ ගොත්‍රිකයන් මීට වසර දහස් ගණනකට පෙර බුදු රජාණන් වහන්සේ විසින් ගිරි දූපතට පළවා හැරි යක්ශයන් පිරිසද? මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු දැනගන්න වීඩියෝව නරඹන්න..