Entertainment

වින්ඩිගේ අයියෝ සාමි ගීතයට ලැබුණ අලුත්ම තැන..

“අයියෝ සාමිනි” මේ දවස් වල මුළු ලංකාවම ආදරයෙන් වැලදගත්තු දමිල ගීතයක්. පතාක යෝධයෝ වගේ සංගීත පවුල් දෙකක සුසං‍යෝගයකින් නිර්මාණය වුන මේ සිංදුව මේ වෙනකොට දවසෙන් දවස අතිශයින් ජනප්‍රිය වෙමින් පවතිනවා. ලංකාවේ සංගීතය ලෝකයට අරන් යන තවත් එක් නිර්මාණයක් වෙන මේ ගීතය මේ දවස් වල ඉන්දියාවේ හිට් එකක් වෙලා ඉවරයි. මේ වෙනකොට මේ සිංදුවට කොයිතරම් නම් ටික්ටොක් නිර්මාණය වෙලාද කියනවා නම් මේ වෙනකොට වැඩිම ටික්ටොක් ප්‍ර්මාණයක් නිර්මාණය වුන සිංදුව විදියට වාර්තාවක් තියන්නත්, “අයියෝ සාමිනී” සමත් වුනා. මේ වාර්තාව දෙවෙනි වෙන්නේ මීට ටික කලකට පෙර මේ වසරේම යොහානි ගායනා කරපු “මැණිකේ මගේ හිතේ” ගීතයට විතරයි. ලංකාවෙන් බිහි වුන අතිශයින් දක්ෂ සංගීතවේදියෙක් වෙන පොතුවිල් අස්වින්, වින්ඩි සහ සනුක සුසං‍යෝගයෙන් නිර්මාණය වුන මේ ගීතය ගැන වගේම කවුරුත් අහන්න කැමති වින්ඩි සහ සනුක ගේ ආදර කතාව ගැනත් මේ වීඩියෝවෙන් අපි කතා කරනවා.

Leave a Comment