වායුගෝලයේ දූවිලි අංශු ඉහළ යෑමෙන් කොළඹ අහස මීදුම වැනි දුමාරයකින් වැසී ගොස් තිබෙන අයුරු අදත් දැකගත හැකි විය.එම තත්ත්වය ඊයේ (07) දිනයේ දීද පැවති අතර, සුළං සහිත කාලගුණික තත්ත්වයත් සමග ඉන්දියානු අර්ධද්වීපයේ ඇති දූවිලි අංශු මෙරටට ගලාඒම හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසීය.
ඉන්දීය වායු දූෂණයේ බලපෑම හේතු කරගෙන මෙරට වායු දූෂණයද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මීට පෙර දීද සඳහන් කර තිබුණි.ඉන් වැඩිම බලපෑම ඇති කොළඹ, මන්නාරම, වව්නියාව, කෑගල්ල සහ යාපනය ඇතුළු දිස්ත්‍රික්ක රැසකට එල්ල වී ඇතැයි එම ආයතනය සඳහන් කළේය.
මේ තත්ත්වය පිළිබඳ ඔබ නොදත් කරුණු බොහෝමයක් දැනගන්න පහත වීඩියෝව අවසානය වෙනතෙක් නරඹන්න