දුම්රිය ගාස්තුද බස් ගාස්තුවෙන් සියයට පනහක් දුම්රිය දෙපාර්තුමේන්තුවට හිමිවන සේ වැඩිකිරීමට අවසර ලැබී ඇතැයි නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ( වාණිජ) වජිර සමන් පොල්වත්තගේ පැවසීය.
ඊට අදාළ ගාස්තු වැඩිකිරීම් සිදුකරන ආකාරය සකස් කරමින් යන බවත් කඩිනමින් නව ගාස්තුව හඳුන්වාදී ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කීවේය.
දුම්රිය දෙපාර්තමේන්තුවට මේ වනවිට රුපියල් කෝටි 1.8 ක දෛනික මගී ප්‍රවාහන ආදායමක් ලැබෙන නමුත් දෛනික ඉන්ධන වියදම කෝටි හතරහමාරක්ව පවතින බවත් කඩිනම් ගාස්තු සංශෝධනයකට යා යුතු බවත් හෙතෙම කීවේය.
ඒ අනුව වසර පහකට අධික කාලයක් තුළ සංශෝධනය කර නොමැති මගී ප්‍රවාහන ගාස්තු සහ වසර 14ක කාලයක් තුළ සංශෝධනය කර නැති බඩු ප්‍රවාහන, තැපැල් ප්‍රවාහන හා වෙනත් භාණ්ඩ සඳහා අය කරන දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම සඳහා අනුමැතිය හිමිව තිබේ.