මුලු ලංකාවම ආදරය කරන සංගක්කාර ගැන පහුගිය දවස් වල සමාජ මාධ්‍ය වල ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ ඔහු ක්‍රිකට් පිටියේ දක්වපු දක්ශතාවයක් නිසා නෙමෙයි. ඔහුගේ බිරිද බෝර්න් අගේන් ක්‍රිස්තියානි නිකායේ ආගමික වැඩසටහනකට සහභාගී වෙමින් 2014 T20 ලෝක කුසලාන තරඟයේදී සංගක්කාර ඉතා හොද දක්ෂතා දැක්වූයේ තමන් දෙවියන් වහන්සේට යාඥා කිරීමෙන් ලද ප්‍රතිපලය නිසා බව සිදු කල ප්‍රකාශය ආන්දෝලනාත්මක ලෙස සියලුම සමාජ මාධ්‍යය හරහා ජනප්‍රිය වෙන්නට පටන් ගත්තා. උපතින් සාම්ප්‍රදායික කතෝලික ආගමික පසුබිමක් තිබුනත් මේ වෙන විට ඇය කතෝලික ආගමටම සම්බන්ද නිකායක් වෙන “බෝර්න් අගේන්” නිකාය වැලදගෙන සිටින බව මේ වෙනකොට බොහෝ දෙනෙක් දන්නා කාරණයක්. තමන්ගේ නිවසේ සුරතලයට ඇතිකරන සුනඛයා අසනීප වූ අවස්ථාවේදී වගේම තමන්ගේ දියණියට අසනීප වූ අවස්ථාවකදීත් දෙවියන් ඉදිරියේ සිදු කල යාඥා දේවමෙහෙයකින් පසු සාර්ථක ප්‍රතිපල ලබා ගන්නට ඇයට හැකි වුනු බවත් මෙහිදී සදහන් කර තිබුනා. ඒවගේම අවට පරිසරයේ ඇතිවුනු ධාරාණිපාත වර්ශාවක් පවා ඇස් පියාගෙන අතක් වර්ෂාව දෙසට දිගු කර දෙවියන් වෙනුවෙන් යාඥා කල පසු වර්ෂාව නතර වූ බවත් ඇය සදහන් කලා. ඉතින් ඇය මේ ආගමික වැඩසටහනේදී දෙවියන් වහන්සේ තමා ලග ජීවමානව සිටින බව ඉතා විශ්වාසයෙන් සදහන් කර තිබුනා. ක්‍රීඩා ලෝකයේ වගේම අපේ රටේත් ඉතා ජනප්‍රිය චරිතයක් වූ නිසා ඇයගේ මේ ප්‍රකාශය ඉතා වේගයෙන් සමජ මාධ්‍ය වල සංසරනය වෙන්නට පටන් ගත්තා. මීට කලිනුත් අපේ රටේ අතිශයින් ජනප්‍රිය ක්‍රිකට් තරුවක් අලලාගෙන ජෙරම් ප්‍රනාන්දු ප්‍රමුඛ බෝර්න් අගේන් ආගමික නිකාය සම්බන්දයෙන් ගෙතුණු කතිකාවත ඔබට මතක ඇති. මොකද්ද මේ බෝර්න් අගේන් ආගමික නිකාය, ඒ ගැන මේ වීඩීයෝවේන් සම්පූර්ණයෙන්ම කතා කරන්න අපි සූදානම්.