Politics World News

ලංකාවටත් වඩා අන්ත තැනක සිටි චීනය ලෝක බලවතා වුනේ මෙහෙමයි..

මාවෝ සේතුං කියන්නේ අපිට නුපුරුදු නමක් නෙමෙයි. ආසියාතික රටක් වෙන චීනය පාලනය කරපු ශේෂ්ඨතම පාලකයන්ගෙන් කෙනෙක් විදියට අපි හැමෝම මාවෝ සේතුං අදුනනවා. ඔහුගේ පාලනයේ විශිෂ්ඨ බව හැරුනම ඔහුගේ පාලනයට සහය දක්වමින් අතිශයින් දුක්ඛිත ජීවිතයක් ගත කරපු චීන ජනතාව ගැන ඉතිහාස පොත් වල සදහන් වෙන්නේ ගොඩක් අඩුවෙන්. මාවෝ සේතුං ගේ පාලන කාලයේ මිනිසුන් මිලියන ගණනක් සාගතයෙන් මිය යද්දී තවත් සමහරක් මිනිස්සු අතට අහුවෙන ඕනම කෑමක් කෑමට ගන්න හුරු වුනා. අද අපි කතා කරන්න යන්නේ මාවෝ සේතුං චීනය ගොඩ නගපු හැටි ගැන නම් නෙමෙයි. මාවෝ සේතුං ගේ පාලන කාලයේදී තමන්ගේ පවුලේම සාමාජිකයෙක් මරලා ආහාරයට ගන්න වුන එහෙමත් නැතිනම් බලු මස්, කෘමී සත්තු, සර්පයන් වගේ ජුගුප්සාජනක ආහාර අනුභව කරන්න උන චීන ජනතාව විදපු අනේක විධ දුක් කම්කටොළු අදත් ඔවුන් ,මතක් කරන්නේ කණගාටුවෙන්.

Leave a Comment