රක්වානේ ඉදන් කොළඹට ආපු තරුණ කොල්ලෙක්ට එක හීනයක් තිබ්බා. ඒ හීනෙ ටිකක් ලොකු එකක් නිසා ඒ වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරන්නත් වෙනව කියන එක ඔහු දැනන් හිටියා. කොටි බෝම්බ ගහන කාලේ කොළඹ යනවා කියන එකත් මරණය අතේ තියන් යනවා වගේ වැඩක් උනත් මුට්ට කර ගහල හරි චිත්‍රපටියක රගපාන්න ඕන කියන දැඩි අදිෂ්ඨානය නිසාම කොළඹ ඉදගෙන නාට්ටාමි කෙනෙක් විදියට අවුරුදු දෙක හමාරක් වැඩ කරන්න ගමෙන් ආපු මේ කොල්ලා දෙපාරක් හිතුවෙ නෑ. ” නාට්ටාමී කෙනෙක් විදියට වැඩ කරපු මට ලයිෆ් එකේ බර උස්සන එක නතිං” පහු ගිය දවසක අතීතය මතක් කරන කොට දර්ශන් ධර්මරාජ් කිව්වේ එහෙම. දර්ශන් එහෙම කිව්වට ලයිෆ් එකේ වැඩි හරියක් එහෙමම ඉතුරු කරල දාලා
අපි කවුරුත් නොහිතුව වෙලාවක ලයිෆ් එකට සදහටම තිත තියන්න දර්ශන්ට සිදු වුනා. 2018 වසරෙ පෝරිසාදයා චිත්‍රපටය වෙනුවෙන් හොඳම නළුවා විදියට දෙරණ සිනමා සම්මානය දිනාගත්තු දර්ශන් තමන්ගේ ප්‍රේක්ෂකාගාරයට ආචාර කලේ දණ ගහල. ඒ විතරක් නෙමෙයි ඔහුගේ මරණයත් එක්ක දර්ශන්ගේ ජීවිතේ අපි කවදාවත් අහල නැති අපූරු සිදුවීම් ගොඩක් ඔහුගේ මිතුරු මිතුරියන් සමාජ මාධ්‍ය වල සටහන් කරලා තිබුනා. ඉතින් ඒ හැමදේම මේ වීඩීයෝවෙන් ඔයාලා වෙත ගෙන එන්න අපි සූදානම්. රැදිලා ඉන්න අපිත් එක්ක මේ වීඩීයෝ එක අන්තිම වෙන තුරුම.