තරගයක් දිනන්න නම් උත්සාහය, කැපවීම වගේම වාසනාවත් ටිකක් හරි තියෙන්න ඕන කියල අපි හැමෝම විස්වාස කරනව. ඉතින් ලකී නම්බර්ස් කියන්නේ අපිට අමුතු දෙයක් නෙමෙයි. ඕනෙම දෙයක් කරන්න වාසනාවන්ත දවසක්, වාසනාවන්ත වෙලාවක් බලන්න අපි ඉස්සර ඉදන්ම පුරුදු වෙලා හිටියා. අංක 7 වාසනාවන්ත අංකයක් එහෙමත් නැත්නම් අංක 09 අවාසනාවන්ත අංකයක් වගේ මත ගොඩක් අපේ සමාජයේ ව්‍යාප්ත වෙලා තියෙනවා. අපි අද කතා කරන්න යන්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට තමන්ගේ ජර්සි අංක තෝරගන්න හේතු වුන, ඒක පිටි පස්සේ තියෙන අපි කවදාවත් අහපු නැති හරි අපූරු කතා එකතුවක් ගැනයි. ලෝක පූජිත ක්‍රීඩකයන් වෙන සනත්, අරවින්ද වගේම වර්තමාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කරන කුසල් සහ දසුන් ටත් තමන්ගේ ජර්සි අංකය තෝරගන්න හේතු වුන අපූරු කතාවක් තියෙනවා. ඉතින් අද වීඩීයෝවෙන් ඒ හැමදේම ගැන කතා කරන්න අපි සූදානම්.