ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟ වැදුනෙ ක්‍රිකට් වංශ කතාවෙ ලෝක කුසලාන තරගවල සුපිරි වාර්තා පිට වාර්තා තියපු කැරිබියානුවන් නැත්නම් බටහිර ඉන්දීය කොදෙව්වන් මෙවර ලෝක කුසලානයෙන් අතුගල දාපු කව්රුත් බලපොරොත්තු තියගත්තෙ නැති පෙරලිකාර කන්ඩායමක් වුන අයර්ලන්තය එක්ක.කාසියේ දෙපැත්තෙන් වාසිය දිනාගත්තත් ඔවුන් අද තරගයට බැස්සේ කොදෙව්වන්ට කරපු දේ අපිටත් කරන්න හිතගෙන වුනත් ලංකාවත් එක්ක හිතපු තරන් ලෙසියෙන් හැප්පෙන්න බැරිවුනා .අපේ කොල්ලො ටික මුහුණ දීපු පලවෙනි තරගය විශිෂ්ට විදියට දිනල කේසර විදහගත්ත අපේ සිංහයෝ ඒ කාන්ඩයේ ඉදිරියටම ගියා.දැන් තමයි අභියෝගය පටන්ගත්තේ .අවසාන අට දෙනාට තේර්න්නනම් කොහොමද ඉදිරියට තරග කරන්න ඕනි?අපේ දිනන ඉලක්කය කොහොමද ලගකරගන්න අපේ ටීම් එකේ සැලැස්ම කොහොමද? කියන දේ තමයි අද කතාරන්නෙ.සම්පූර්ණ විස්තරය දැනගන්න වීඩියෝ බලන්න.