Local News

ලංකා ‌පොළොවේ සැඟවුනු නිධාන ගැන පුස්කොළ පොත්වල කියවෙන අනාවැකි සත්‍යවෙයි..

ලංකාව වර්තමානයේ බංකොලොත් රාජධානියක් විදියට හැදින්වූවත්, එදා ඈත අතීතයේ අපි සීගිරිය මුදුනටත් ගමන් කලේ රන්මුවා සෝපානයක බව ඔබ දන්නවාද?

දුර්භීක්ෂ සමයක හෝ රටට නොසිතන සතුරු ආක්‍රමණයකදී ජනතාවගේ එදිනෙදා අවස්‍යතා සදහා අතීත රජවරු දීර්ඝකාලීනව ගත යුතු නිදන් කදු වල තැන්පත් කරද්දී කෙටි කාලීන මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් ගත යුතු වටිනා රන් මුතු මැණික් මහ පොලවේ පහසුවෙන් ගත හැකි ස්ථානයක නිදන් කරන්නට කටයුතු කලා. රටම ගොඩ ගන්නට පුලුවන් නිදාන රජවරුන් අතින් එසේ තැන්පත් වෙද්දී ස්වාභාව ධර්මයා ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අපේ භූමියේ නිදන් කල නිදන් වස්තු ගැන අපි දන්නේ අල්ප මාත්‍රයක් පමණයි.

ලෝකයේ හොදම මිනිරන්, එප්පාවල පොස්පේට්, මන්නාරම ගෑස්, රට වටේම මුහුද මේ හැමදේම සොබාදහම අපිට ලබා දුන්නු දායාදයි. රජවරු තැන් පත් කල නිදන් නිදන් සොරු අතට පත් වෙද්දී, සොබාදහම මේ භූමියේ තැන්පත් කල නිදන් වලින් ප්‍රයෝජනයක් නොගන්නා අපි මේ විදියට පරිහානියට පත් වීම පුදුමයට කාරණයක් නෙමෙයි. කොටින්ම කිව්වොත් අපි ඉන්නේ නිධානයක් උඩ නිදාගෙනයි. ලෝකයේ හොදම සම්පත් අපිට හිමිවෙද්දී අපි දෝතට ගත්තේ දුප්පත්කමයි. අතීත රජවරුන්ගේ නිදන් වලින් පටන් අරගෙන මේ ලංකා භූමියේ තැන්පත් වෙලා තියෙන මිලකල නොහැකි නිදන් ගැන නොදත් කතා බොහොමයක් දැනගන්න NAi Fm Info Hub තුළින් ගෙන එන​ පහත විඩියෝව නරඹන්න​​..

Leave a Comment