Sports

ලෝක පූජිත ලයනල් මෙසී පාපන්දුවෙන් වලින් ඉවත් වෙන්නේ මේ නිසාද?

“ලුයිස් ලයනල් ඇන්ඩ්‍රීස් මෙසී”, නැත්නම් ලෝකයක් හදුනන ” ද ග්‍රේටස්ට්” කියන අන්වර්ථ නාමයෙන් හදුන්වන ලයනල් මෙසී පාපන්දු ලෝක ඉතිහාසයේ පුරාවෘත්තයක් කියල අපි හැමෝම දන්නවා. ආජන්ටිනා ජාතික කණ්ඩායම නියෝජනය කරන මෙසී 2006 වසරේ ෆිෆා ලෝක කුසලානයට සහභාගී වුනේ මේ තරගාවලියට සහබාගී වුන ලාබාලතම ක්‍රීඩකයා විදියටයි. මෙසී තමන්ගේ ක්‍රීඩා ජිවීතය ඇතුලේ දක්වපු දක්ශතා කොයිතරම්ද කියනවා නම් ස්පාඤ්ඤ භාශාවෙන් ඔහුට “මෙසියාහ්” කියන අන්වර්ථ නාමය ලෝකය පුරා භාවිතා වෙන්න පටන් ගත්තා. මේ අන්වර්ථ නාමයේ තේරුම උනේ “ගැලවුම්කරුවා” කියන අර්ථයයි. කැලැන්ඩර් වර්ෂයක් තුලදී වැඩිම ගෝල ගණනක් වාර්තා කරපු ක්‍රීඩකයා විදියට ගිනස් පොතට පවා එකතු වුන ලෙයනල් මෙසී, මේ සහභාගී වෙන්නේ තමන්ගේ ක්‍රීඩා ජිවීතයේ අවසාන පාපන්දු ලෝක කුසලානයටයි. මෙසීට ආදරය කරන දහසකුත් එකක් ප්‍රේක්ශකයන්ට ඒක සතුටු හිතෙන ආරංචියක් නම් නෙමෙයි. මේ විශිෂ්ඨයා ගැන ඔයා නොදන්න දේවල් මොනවද? මේ විඩීයෝවෙන් අපි කතා කරන්නේ ඒ ගැනයි. එහෙනම් රැදිලා ඉන්න අපිත් එක්ක මේ විඩීයෝව අවසන් වෙන තුරුම.

Leave a Comment