සතුන් කියන්නේ මේ මිහිමත ජීවත් වෙන, අපිට වගේම මේ ලෝකයේ ජීවත් වෙන්න අයිතියක් තියෙන ප්‍රාණීන් කොටසක්. මිනිස්සුන්ට තරම් මොළයක් සත්තුන්ට නැහැ කියල අපි හිතුවට ඒක වෙනස් වෙන අපූරු අවස්ථා අපිට ඔනෑතරම් දැක ගන්න පුලුවන්. මානුෂීය, ශිෂ්ඨ සම්පන්න මිනිස්සුන්ටත් වඩා ආදරණීය වෙන්න පුලුවන් කියල මේ සත්තු අපිට ඔප්පු කරල පෙන්නලා ඉවරයි. ඉතින් අන්න ඒ වගේ ඔයාගේ හදවත මොහොතකට නතර කරන්න පුලුවන් අපූරු සිදුවීම් එකතුවක් මේ විඩීයෝවෙන් ගෙන එන්න අපි සූදානම්. තමන්ගේ ස්වාමියා අසනීප වුන වෙලාවක ආදරයෙන් බලා ගන්න පුංචි හිතවතෙක් වගේම මිය යන්න හිටපු මිනිස්සු 52 ක් බේරගත්තු නිර්භීත දක්ෂ තෙත හොම්බක් තියෙන යාලුවෙක් ගැනත් අපි මේ කතාවත් එක්ක පහත වීඩියෝවෙන් කතා කරනවා.මිස් නොකර අනිවාර්යයෙන් බලන්න.