Advice to Life

සුපිරි පෝසතුන් කාටවත් නොකියන ධනවත් වීමේ රහස් 10 ක්!

ඔබට ඔබගේ ජිවීතය ඔබ කැමති ආකාරයට සැලසුම් කල හැකි නම් ඔබ සිදු කරන්නේ කුමක්ද? සමහරක් දෙනා සංචාරය කිරීමට කැමති වෙනවා. තවත් සමහරක් පුද්ගලයින් තමන් සිහින දකින මෝටර් රතය මිලදී ගැනීමට, තමන් සිහින දකින නිවස මිලදී ගැනීමට කැමති වෙනවා.එක් එක් පුද්ගලයා තම තමන්ට කැමති දේවල් ලැයිස්තු ගත කලහොත් ඒ ලැයිස්තුවට ඔනෑ තරම් දේවල් ඇතුල් කරන්නට පුලුවන් වේවි.බොහෝ දෙනා පවසන පරිදි ජීවිතයට සතුට ලගා කර ගැනීමට මුදල් වලට හැකියාවක් ඇත්තේ නැහැ. නමුත් ඔබගේ ජීවිතය සතුටින් ගත කිරීමට අව්ශ්‍ය ප්‍රධාන කාරණයක් වන්නේ අතමිට සරුව මුදල් පැවතීමයි.ඔබට මුදල් පිලිබදව ගැටලුවක් නැතිව ජීවිතය ගත කිරීමට හැකි නම් එය විශාල සහනයක් බවට පත් වේවී. ඒ වෙනුවෙන් ඔබට කල හැක්කේ මොනවාද? මේ ලිපියේ අන්තර්ගත වෙන්නේ ඔබට ඒ වෙනුවෙන් කල හැකි දේවල් 10 ක් පිලිබද විස්තරයයි.

අංක එක – ජීවීතයේ ඉලක්ක සකස් කරගන්න.

ඔබගේ ජීවිතයේ ඔබට අත්‍යාවශ්‍ය යැයි හැගෙන දේවල් මොනවාද යන්න පැහැදිලි ලැයිස්තුවක් සකස් කරගැනීම මෙහි පලමු පියවරයි.එහි දේවල් කිහිපයක් අන්තර්ගත වීමට හැකි වුවත් අවශ්‍යමදේ හදුනා ගැනීමට උත්සාහ කරන්න.ඒවා ලගා කර ගැනීමට අවශ්‍ය කාල රාමුද ඔබ විසින් සකස් කල යුතු වෙනවා.එසේම ඒ කාල රාමු සහ ඉලක්ක ඔබට ලගා කරගත හැකි ඒවා වීමද අත්‍යාවශ්‍ය වෙනවා. උදාහරණයක් ලෙස ඔබට කෝටියක් වැයවන මෝටර් රතයක් මාස හයකින් මිලදීගත හැකි වන්නේ නැහැ.මේ නිසා සැබවින්ම ලගා කර ගත හැකි ඉලක්ක සහ කාල රාමු සහිත සටහනක් සකස් කිරීමට වග බලා ගන්න.

අංක දෙක – මාසික අයවැයක් සකස් කරන්න.

වසරේ සෑම මාසයකම අවසාන දිනයේ ඔබට මේ අයවැය සකස් කිරීමට පුලුවන්.ඔබ විසින් උපයාගත් ආදායම වියදම් වූයේ කෙසේද යන්න මේ සටහනේ පැහැදිලිවම සදහන් කරගන්න. එතුලින් අනවශ්‍ය වියදම් කපා හැරීමට ඔබට හැකි වේවී. වියදම් අවම කිරීම සදහා ඔබට කල හැකි දේ පිලිබදවත් ඒ තුලින් දළ අවබෝධයක් ලබා ගන්නට පුලුවන්. මෙසේ මාස කිහිපයක් ගත වන විට ඔබට ඔබගේ නිවසේ ඇති සියලුම් අනවශ්‍ය වියදම් අවම කරවා ගෙන අත්‍යාවශ්‍යම වියදම් වෙනුවෙන් මුදල් වියදම් කිරීම පහසු වේවි. එතුලින් ඔබ නොදැනුවත්වම මුදල් කළමණාකරණය සිදු  කර ගැනීමට ඔබට පුලුවන්.

අංක තුන – හදිසි අවස්තා සදහා අරමුදලක් සකස් කරගන්න.

ජීවීතයේ අපිට සමහරක් වෙලාවට නොසිතූ සහ නොපැතූ අත්දැකීම් වලට මුහුණ දීමට සිදුවනවා. මෝටර් රත අනතුරක්, පවුලේ කෙනෙකුගේ හදිසි අසනීපයක් වැනි අවස්තා වලදී ඔබට එදිනෙදා වියදම් කල යුතු මුදල් ඒ වෙනුවෙන් වියදම් කිරීමේ හැකියාවක් ඇත්තේ නෑ. මේ නිසා ඔබට එවැනි හදිසි අවස්තාවක ණය මුදලක් ලබා ගැනීමට සිදු වනවා. හදිසි අවස්තාවක මුදල් නිසා අපහසුතාවයට පත් නොවීමට නම් සෑම මාසයකම මුදල් ලැබුණු විට යම් මුදලක් ගිණුමක ඉතිරි කර තබන්න. හදිසි ආපදාවක් හැරුණු විට වෙනත් කිසිදු කාර්‍යයක් සදහා එම මුදල වියදම් කිරීමෙන් වලකින්න.එවිට ජීවිතයේ එලබෙන අනපේක්ෂිත සිදුවීම් වලදී ඒවාට සාර්තකව මුහුන දීමට ඔබට පුලුවන්.

අංක හතර – ඔබ සතුව ඇති ණය ගෙවා දමන්න.

සත්‍ය වශයෙන්ම ඔබ කුමන හේතුවක් නිසා ණය ලබා ගත්තත් අවසානයේ එය ඔබට විශාල පීඩනයක් ඇති කරවීමට සමත් වෙනවා. ඉගෙනීම සදහා ලබා ගන්නා ණය,මෝටර් රතයක් මිලදී ගැනීම සදහා හෝ ඉඩමක් ගෙයක් මිලදී ගැනීම සදහා වශයෙන් ඔබට විවිධාකරයේ ණය වර්ග ලබා ගන්නට පුලුවන්.මේ ණය ගෙවා දැමීම සදහා ඔබට ක්‍රම දෙකක් අනුගමනය කරන්නට පුලුවන්. එයින් පළමු ක්‍රමය වන්නේ පොලී අනුපාතය වැඩි පිලිවෙලේ සිට අඩු දක්වා ණය ගෙවීමයි.දෙවන ක්‍රමය වන්නේ ක්‍රමයෙන් කුඩා ණය පලමුව ගෙවා දමා විශාල ණය පසුව ගෙවා දැමීමයි. මෙයින් ඔබට සුදුසු ක්‍රමය කුමකද යන්න තීරණය කල යුත්තේ ඔබ ලබා ගෙන ඇති ණය වල ස්වාභාවය අනුවයි.

අංක පහ – විශ්‍රාම සැලසුමක් ආරම්භ කරන්න.

ඔබ තවමත් තරුණ අවදියේ පසුවන කෙනෙක් නම් ඔබට එදිනෙදා ජීවත් වීම එතරම් අපහසු කාරණයක් නොවන්නට පුලුවන්. නමුත් ක්‍රමයෙන් වයස්ගත වන විට ඔබගේ ගතේ සවිය දුබල වන විට ඔබට වෙනදා මෙන් වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ නිසා හැකි සෑම විටකම ඔබගේ වයස්ගත දිවිය වෙනුවෙන් මුදලක් ඉතිරි කර තබන්න. එසේම විවිධ මූල්‍ය ආයතන මගින් විශ්‍රාම සැලසුම් පවතවාගෙන යන නිසා ඔබට අවශ්‍ය සැලසුම තෝරාගෙන එවැනි ගිණුමක මුදල් ඉතිරි කිරීමටත් පුලුවන්.

අංක හය – මුදල් ආයෝජනය කරන්න.

ඔබ සතුව ඉතිරි කරගත් සැලකිය යුතු මුදලක් තිබෙන විට එය දෙගුණ තෙගුණ කර ගත හැකි එකම ක්‍රමය වන්නේ ඒවා අයෝජනය කිරීමයි. මුදල් ආයෝජනය කිරීම ලෙස නිවාස සහ ඉඩකඩම් මිලදී ගැනීම, රත්‍රං මිලදි ගැනීම මෙන්ම අන්තර්ජාල වෙලදාම තුලද මුදල් ආයෝජනය කරන්නට පුලුවන්.ඔබ කල යුතු පළමු දෙය වන්නේ සමීක්ෂණයක් සිදු කර වඩාත් ලාභදායී සහ අවධානම අඩු ආයෝජන සැලැස්මක මුදල් ආයෝජනය කිරීමයි. ක්‍රම ක්‍රමයෙන් අත්දැකීම් ලබන විට ඔබට විශාල මුදලක් ආයෝජනය කර එයින් විශාල ආදායමක් ලැබීමට හැකි වේවී.

අංක හත – ස්වයංක්‍රීම ගෙවීම් ක්‍රම අනුගමනය කරන්න.

සමහරක් විට ඔබ සතුව නිවාස ණය, වාහන ණය හෝ වෙනත් ණය වර්ග තිබෙන්නට පුලුවන්. එසේම වෙනත් ගෙවීම් වන මිලදී ගැනීම් සදහා වන වාරික, නිවාස කුළී, රක්ෂණ් වාරිකත් ඔබ සතුව තිබෙන්නට පුලුවන්. ඔබගේ වැටුප ලැබුනු විට ඒවා බැංකුව ආධාරයෙන් ගෙවීම සදහා බැංකුවට උපදෙස් ලබා දෙන්න.එවිට ණය වාරික ගෙවීම ප්‍රමාද වීම නිසා ඔබට ගෙවීමට සිදුවන අමතර පොළිය අවම කර ගැනීමට පුලුවන්. එසේම ඔබට එක් එක් ආයතනයට යාමට සිදුවන අමතර කාලයත් ඉතිරි කර ගැනීමට පූලුවන්. එවිට ඔබට සියලුම අත්‍යාවශ්‍ය වියදම් හැරුණු විට ඉතිරි මුදල ඔබගේ අව්ශ්‍යතා වෙනුවෙන් යොදා ගැනීමට පුලුවන්.

අංක අට – ඔබගේ මුදල් අනවශ්‍ය ලෙස වියදම් වන දේවල් වලින් ඈත් වන්න.

ඔබ සතුව තිබෙන වියදම් කිරීමේ හැකියාව හදුනා ගැනීම මුදල් ආරක්ෂා කර ගැනීමේ ප්‍රධානම ආකාරයයි. මාසිකව ඔබ සිදු කරනු ලැබූ වියදම් වල සාරාංශයක් සකස් කර එහි අනවශ්‍ය වියදම් සලකුණු කර දක්වන්න. මත්පැන්, දුම්වැටි පමණක් නොව අනවශ්‍ය ලෙස ඇදුම් පැලදුම් මිලදී ගැනීම, අනවශ්‍ය ලෙස උපකරණ මිලදී ගැනීමෙන් වලකින්න. එසේම ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු කාරණයක් වන්නේ ක්‍රෙඩිට් කාඩ් පත් වලින් සිදු කරන මිලදී ගැනීම් පිලිබදවයි.

අංක නවය – නව දැනුම සොයා යන්න.

ජීවිතය අවසන් වන තුරුම අපි නොනවත්වා සිදු කල යුතු දේ වන්නේ නව දේවල් සොයා යාමයි.ඔබ අවට සිදුවන දේවල් මෙන්ම ලෝකයේ නව ප්‍රව්ණතා පිලිබදවත් අවධානය යොමු කරන්නට අමතක කරන්නට එපා. ලෝකයේ ආර්තිකය ගමන් කරන දිශාව, නව ව්‍යාපාරයක් සදහා සුදුසු ක්ශේත්‍ර පිලිබද දැනුම යාවත්කාලීන කරගන්න.එසේම ඔබ රැකියාවේ නිරත වන ක්ශේත්‍රයේ නව දැනුම හැකි තරම් එකතු කරගන්න. එමගින් ඔබට රැකියාවේ උසස් වීම් පහසුවෙන් ලබා ගැනීමට හැකි වේවි. එසේම ඔබට අන්තර්ජාලය ඇසුරින් සුලු මුදලකට හෝ නොමිලේ ලබා ගත හැකි පාඨමාලා ඔනෑතරම් ලබා ගන්නට පුලුවන්.

අංක දහය –  ඔබ ගැන සැලකිලිමත් වෙන්න.

ඔබ සතුව තිබෙන දේවල් පිලිබදව වැඩි සැලකිල්ලක් දක්වන්න. රූපවාහිනිය, ජංගම දුරකතනය මෙන්ම රෙදි සෝදන යන්ත්‍රය වැනි සියලුම දේවල් ප්‍රවේශම්ව පරිහරණය කරන්න. ඔබගේ ඇදුම් පැලදුම් වලටත් මෙම නීතිය එකසේ වැදගත් වෙනවා. හැකි තරම් ඔබගේ ද්‍රව්‍ය ප්‍රවේශමෙන් පරිහරණය කරන විට ඒවා නැවත මිලදී ගැනීමට හෝ ප්‍රතිසංස්කරණය කිරීමට වැය වෙන මුදල අවම කර ගැනීමට ඔබට පුලුවන්. එසේම ඔබගේ සෞඛ්‍ය තත්වය පිලිබදවත් ඔබ සැලකිලිමත් විය යුතු වෙනවා. එසේ නොමැති නම් අනවශ්‍ය ලෙස රෝහල් බිල් සහ රක්ෂණ වාරික ගෙවීමට ඔබට සිදු වෙන්නට පුලුවන්

Leave a Comment