Entertainment

ලෝකයේ සුප්‍රසිද්ධ චිත්‍රපටි වලටත් වැරදුණ තැන් 12 ක්!

අපි කවුරුත් චිත්‍රපටි බලන්න කැමතියි. ගොඩක් වෙලාවට දවසේ වෙහෙස මහන්සිය නිවාගන්න හොදම විදිය තමයි ලස්සන චිත්‍රපටියක් බලන එක. චිත්‍රපටයක් නිර්මාණය කිරීම කියන්නේ විශාල පිරිසක් එකතු වෙලා කරන සංකීර්ණ දෙයක්. ඉතින් අපි මේ වන තුරු දැකපු අතිශයින් ජනප්‍රිය වුන චිත්‍රපටි වල සිදුවන අඩුපාඩු 12 ක් ගැන තමයි අද කතා කරන්න යන්නේ.

01.අයන් මෑන් 2

අයන් මෑන් 2 චිත්‍රපටිය පටන් ගන්න කොටම අපිට පේනවා ටෝනි ස්ටාර්ක් එයාගේ ශෝ එකේ කතා කරමින් ඉන්න දර්ශනය. ඒ වෙලාවේ එයා ඇදගෙන ඉන්නේ සුදු පාට ශර්ට් එකක්. කොහොමෞනත් වෙනත් දර්ශනයකට මාරු වෙලා ආයෙමත් ටෝනි ස්ටාර්ක් පෙන්වනකොට එයා ඇදගෙන ඉන්නේ කළු පාට ශර්ට් එකක්. කොහොමහරි ශෝ එක ඉවරවෙනතුරුම එයා ඇදගෙන ඉන්නේ දෙවෙනියට ඇදපු මේ කළු පාට ශර්ට් එකයි.

02.ඩෙඩ්පූල්

ඩෙඩ්පූල් චිත්‍රපටියේ එයා හයිවේ එකේ වේගයෙන් පනිමින් ගමන් කරන දර්ශනයේ එක්තරා අවස්තාවක ඔහුගේ කොන්දේ එල්ලා තිබෙන කඩු දෙක දකින්නට ලැබෙන්නේ නැහැ.නමුත් ඉන්පසුව සාමාන්‍ය විදියටම ඔහුගේ කඩු දෙක දකින්නට ලැබෙනවා.

ඒවගේම බාර් එකේ දර්ශණයේදී වෙනීසා ගේ බෙල්ලේ කොටා තිබෙන ටැටූ එක එකවරම දකින්නට ලැබෙනවා. ඉන්පසුව සුළු වේලාවකින් එය දකින්නට ලැබෙන්නේ නැහැ.

03.ෆොරෙස්ට් ගම්ප්.

ෆොරෙස්ට්, ජෙනී ව හම්බෙන සිද්ධියේදී ඔයාලට පිටිපස්සෙන් බලාගන්න පුලුවන් ජෙනී ගේ පිටිපස්සෙ තියෙන අයන් එක තනියම හෙලවෙන විදිය.

04.හැරීපෝටර් ඇන්ඩ් ද ෆිලෝසොෆර් ස්ටෝන්.

පෙටූනියා නැන්දා ඩඩ්ලි ට සුබපතල ඔහුගේ පිටුපසින් නැගිටිනකොට එයාගේ බෙල්ලේ තියෙන මයික් එකේ වයර් එක හැමෝටම පේන විදියට එලියට එනවා.

අනිත් එක තමයි හැරීව ග්‍රිෆින්ඩෝර් නිවාසයට තේරිලා ඒ අදාල මේසයට ඇවිල්ලා රොන් ගාවින් වාඩි වෙන දර්ශනය. කොහොමෞනත් ආයෙමත් හැරීව පෙන්වනකොට එයා ඉන්නේ හර්මයිනි සහ පර්සි අතරමැද වාඩි වෙලයි. අපිට කියන්න වෙන්නේ මැජික් එහෙම තමයි කියල තමයි.

05.ටයිටැනික්.

රෝස් විශාල නැව දිහා බලන් ඉන්න දර්ශනයේදී අපිට පේනවා එයාගේ වම් කම්මුලේ උපන් ලපයක් තියෙනවා. කොහොමෞනත් ඊට පස්සෙ ඒ උපන් ලපය අපිට බලන්න ලැබෙන්නේ දකුණු පැත්තට වෙන්නයි.

ටයිටැනික් චිත්‍රපටියේ උන අනිත් වැරදීම තමයි රෝස්, ජැක්ව බේරගන්න හදන අවස්තාවේ වීදුරු පෙට්ටියේ තියෙන පොරව ඒක කුඩු කරලා ගන්න අවස්තාව. සේරම විදුරුව බිදිලා ගියත්, අන්තිමටම රෝස් පොරව ගන්න වෙලාවේ වීදුරු පෙටිටිය සාමාන්‍ය විදියටම තියෙනවා.

06.පල්ප් ෆික්ෂන්.

මියාගේ ශරීරයට ඇඩ්‍රනලීන් එන්නත් කරන්න කලින්, වින්සන්ට් මියාගේ පපුවේ ලොකු රතු මාර්ක් එකක් අදිනවා. ඒ අදාල ස්තානයටම එන්නත ගහගන්නයි. නමුත්, මීයා සුව වුනාම ඒ රතු පාට සලකුණ ආයෙමත් දකින්න ලැබෙන්නේ නැහැ.

පල්ප් ෆික්ෂන් එකේ වුන අනිත් වැරැද්ද තමයි මියායි වින්සන්ට් දෙන්නා කැෆේ එකේ ඉන්න වෙලාවේ, මියා ඕඩර් එක තෝරන වෙලාව. ඒ වෙලාවේ එයා ඉන්නේ දුම්වැටියක් පානය කරමින්. ඒ දර්ශණය පැත්තෙන් පෙන්වන කොට මියා දුම්වැටිය තියන් ඉන්නේ එයාගේ වම් අතේයී. ඒ උනාට ඉස්සරහින් දර්ශණය පෙන්වනකොට එයා දුම්වැටිය තියන් ඉන්නේ දකුණු පැත්තේ අතේයී.

07.ද ෆිෆ්ත් එලෙමන්ට්.

ලීලෝ බිමට පනින්න හදන වෙලාවේ එයා ගොඩක් බය වෙන්නේ එයා අසලම තියෙන බිත්තිය දිගේ එන කෝච්චිය නිසායි. ඊලග මොහොතේ ඇය බිමට පනිනකොට අපිට දැක ගන්න පුලුවන් දර්ශණය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන විදිය. අවසාන දර්ශනයේ කෝච්චියක් දකින්න ලැබෙන්නේ නැහැ වගේම ගොඩනැගිලිත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලයි තියෙන්නේ.

08.ටෑන්ග්ල්ඩ්.

ෆ්ලයින් රපුන්සල් ගේ ටවර් එකට ආපු වෙලාවේ ගෝතල් ඔහුට ඇයගේ කඩුවෙන් අනිනව. ඊට පස්සෙ කඩුව ඔහුගේ උදරයෙන් එලියට ඇදලා ගන්න වෙලාවේ අනික් චිත්‍රපටි වල වගේ කඩුවේ ලේ තැවරිලා තිබුනේ නැහැ. ඒකට හේතුව තමයි චිත්‍රපට නිෂ්පාදකයින් චිත්‍රපටියේ කිසිම ස්තානයක ලේ තැවරුණු දර්ෂණයක් තිරගත කිරීමට එකග නොවීම.

ඒ වගේම ෆලයින් මිය යමින් ඉන්නකොට ඔහු රපුන්සෙල් ගේ කොණ්ඩය අල්ලනවා. ඒත් එක්කම ඔහුගේ අත් වල මාංචු නිදහස් වෙලා තියෙන විදිය අපිට පේනවා.නමුත් ඊලග මොහොතේ ආයෙමත් අපිට පෙන්වන්නේ ඔහුගේ මාංචු කලින් විදියටම දාලා තියෙන විදියයි.

Leave a Comment