ෆයිසර් කොවිඩ් මර්දන එන්නත වයස අවුරුදු 18ට අඩු පිරිසකට සහ ප්‍රදේශයෙන් බැහැර පිරිසකට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක ස්ථාන මාරුකර තිබේ.
හලාවත, කොක්කවිල පාසලේ ස්ථාපිත කර තිබූ එන්නත්කරණ මධ්‍යස්ථානයකදී මෙම අක්‍රමිකතාව සිදුවන බව අප අනාවරණය කළේය.
මෙම අනාවරණයත් සමග අදාළ අවස්ථාවේ එන්නත්කරණ මධ්‍යස්ථානය භාරව සිටි වෛද්‍යවරයා සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය පුත්තලම මූලික රෝහල වෙත මාරු කර යැවු බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පැවසීය.
මූලික විමර්ශන අවසන් වන තෙක් ඔවුන් මෙලෙස ස්ථාන මාරු කර තිබේ.
උපුටාගැනීම – අරුණ, චායාරූප – දෙරණ අරුණ
1.

2.

3.
