Local News

දඹගල්ලෙ 14 හැවිරිදි දැරිය පාලු වගා බිමකට රැගෙන ගොස් අතවර කල 21 හැවිරිදි ප්‍රේමවන්තයා උසාවියට

දඹගල්ල පොලිස් වසමේ කොරඹ පලේබැද්ද ප්‍රදේශයේ පදිංචි අවුරුදු දාහතරයි මාස එකක් වයසැති දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් 21 හැවිරිදි තරුණයෙකු පෙරේදා (29) දඹගල් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත දැරිය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය තරුණයා ඇයව කොරඹ ප්‍රදේශයේ වගා බිමකට කැඳවාගෙන ගොස් ලිංගික අතවර සිදුකර ඇති බවට මූලික පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.

දැරිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කොට ඇති අතර සැකකරු සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදවා ඇත. දඹුල්ල පොලිස් ස්ථානාධිපති එච්.ජී.එස් ජයවීර මහතා පරීක්ෂණ පවත්වයි.

උපුටාගැනීම – දිවයින

Leave a Comment