ඉන්දියාව පරාජය කරලා මැච් එකක් දිනන එක වෙනමම එකක් බව ප්‍රේක්ෂක ඔබ හොඳාකාරවම දන්නවා.ඒකත් ප්‍රබලතම ක්‍රීඩකයින් ක්‍රීඩාකරන ඉන්දීය කණ්ඩායම,ආසියානු කුසලානයෙන් එළියට ඇදල දාන විදියෙ පරාජයකට ලක්කරන එක?ඔබෙන් ගොඩක් දෙනෙකුට අද නින්ද යන්නෙත් පොඩ්ඩක් වෙලා ගිහින්. අවුරුදු 21 ක පොඩි කොල්ලා , විරාට් කෝලිගෙ විකට් කණු සීසීකඩ වෙන්න යවපු පන්දුව ඔබට අද හීනෙන් පෙනුණත් පුදුම වෙන්න එපා.ඒ තමයි අපේ හදවත්වල ක්‍රිකට් වලට තියෙන තැන. ඔහුගේ ඒ හපන්කම් සහ ශ්‍රී ලංකා කණ් ඩායමේ ඉදිරිය කොහොම වෙයිද යන කාරණා ගැන මේ වීඩියෝවෙන් අපි කතා කරමු..