ක්‍රිකට් උණුසුම ආයෙමත් ලෝකය පුරා පැතිරිලා ගිහින් තියෙන්නෙ මේ දවස්වල පැවැත්වෙන ආසියානු කුසලානය තරඟ මාලාවත් එක්ක.දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වෙද්දි සුපිරි 4 දෙනාගේ වටයේ පළමු තරඟයෙන්ම ඇෆ්ගනිස්තානයට එරෙහිව සුපිරි ජයක් ලබලා ලකුණු සටහනේ පෙරමුණ ගන්න සමත්වෙලයි තියෙන්නෙ.කුසල් මෙන්ඩිස්,වනිදු හසරංග,භානුක රාජපක්ෂ වගේ ක්‍රීඩකයන් මේ වෙද්දි කැපී පෙනෙන දස්කම් දක්වමින් ඉන්නවා.
ආසියානු කුසලානය කියන්නේ උපමහාද්වීපික කලාපයක් කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කෙරෙන එකම ක්‍රිකට් තරඟ මාලාව.ඒකට හේතුව තමයි ක්‍රිකට් උපන් යුරෝපයටත් වඩා ක්‍රිකට් ක්‍රීඩාව ආසියානු කලාපය තුල ජනප්‍රිය වෙලා තියෙන එක. ඉන්දියාව,ශ්‍රී ලංකාව,පාකිස්තානය,බංගලාදේශය සහ ඇෆ්ගනිස්ථානය කියන ලෝක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රබලතම කණ්ඩායම් වගේම එක්සත් අරාබි එමීර් රාජ්‍යය,හොංකොං කියන කණ්ඩායම් වරින් වර මේ තරඟාවලිය නියෝජනය කරන්නට සුදුසුකම් ලබාගත්තා.