Advice to Life

තරුණියන් සඳහා සරල හා සුපිරි හැඩගැන්වීමේ රහස් 17ක්

ලස්සන කොතරම් ආකර්ෂණීය දෙයක් වුණත් ලස්සන පවත්වාගෙන යාම ඇත්තෙන්ම අභියෝගයක්. පරිපූර්ණ පෙනුමක් ලබා ගැනීමට කොතරම් කාලයක් සහා ශ්‍රමයක් වැයවෙනවාද කියා කාන්තා ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. අපේ දෛනික ජීවිතය කොතරම් කාර්යබහුල වී තිබෙනවාද කියනවනම් අපේ ලස්සන ගැන හිතන්නවත් අපට එතරම් කාලයක් නිදහසක් ලැබෙන්නේ නැහැ. හැබැයි, ඔබේ පෙනුම ඔබේ පෞරුෂයට ඉතා වැදගත් දෙයක්. ඒ නිසාම ඔබේ පෙනුම ලස්සනට තබාගැනිම ගැන ඔබට අනිවාර්යෙන්ම සිතන්නට වෙනවා. වැඩි කාල වේලාවක් ගත නොකරම පහසුවෙන් ලස්සන පෙනුමක් ලබාගන්න පුලුවන් රහස් කිහිපයක් කිහිපයක් තමයි පහළින් දැක්වෙන්නේ.

1.නොවැඩුනු හිසකෙස් ආවරණය කරගැනිමට මස්කාරා භාවිතාකරන්න.

හිසකෙස් වර්ණ ගන්වන කාන්තාවන්ට තිබෙන ලොකුම ගැටලුවක් තමයි මේ ආකාරයෙන් පිටතට පෙනෙන නොවැඩුනු හිසකෙස් කොටස්. ඔබට කරන්න තියෙන්නේ ඉතා සරල දෙයක් පමණයි. ඔබේ මස්කාරා එක භාවිතාකරමින් එම කෙස් මුල් මත ස්වල්පයක් ආලේප කරගන්න.

2.’ටොංග්’ (tong) උපකරණයක් නොමැතිව වුවත් කොණ්ඩය ස්වභාවිකව ‍රැලි කරගන්න.

ඔබේ හිස කෙස් ‍රැලි කරගැනීමට ඒ සඳහාම වෙන් වූ ‘ටොංග්’ (කොණ්ඩය ‍රැලි කිරීමට භාවිතාකරන යකඩ කූරු) වැනි කොණ්ඩා අලංකරණ උපකරණම අවශ්‍යය නැහැ. මේ සඳහා ඔබේ හෙයාර් ඩ්‍රයර් එක භාවිතා කරන්න පුලුවන්. හිසකෙස් අඹරවමින් හිසකෙස් වියළනයෙන් කොණ්ඩය රත්කරගන්න. ඔබේ කොණ්ඩය ටිකක් ඝනකමින් වැඩියි නම් කිහිප වරක්ම කොණ්ඩය අඹරා රත්කිරීම සිදුකරගන්න.

3.පැන්සලක් භාවිතා කරමින් හිසකෙස් ‍රැලි කරගන්න.

කොණ්ඩා අලංකරණය සඳහා ඇති තවත් පහසු ක්‍රමයක් තමයි මේ. කොණ්ඩය ‍රැලි කිරීමට ‘කර්ලින් ටොංග්’ (curling tong) උපකරණයක් ඔබ සතුව නැත්නම් මේ ක්‍රමය භාවිතාකරන්න. පැන්සලක් ගෙන එය වටා ඔබේ හිසකෙස් රොද ඔතාගන්න.ඉන්පසුව ‘ෆ්ලැට් අයර්න්’ (flat iron) එකකින් කොණ්ඩය මැදගන්න.

4.හිසකෙස් පීරීමේදී ස්ථිති විද්‍යුත ආරෝපණය වීම වළක්වාගැනීමට පනාව මත ටිෂූ කඩදාසියක් රඳවාගන්න.

මේ ප්‍රයෝජනයට අමතරව පනාවේ තත් අතර ටිෂූ කඩදාසියක් ‍රැඳවීමෙන් පනාවට හිසකෙස් එකතුවීම සහා පනාවේ කුණුදූවිලි සිරවීම වළක්වාගන්නත් පුලුවන්.

5.හිසකෙස් වල අධික තෙල් ගතිය ඉවත්කිරීමට පිටි ස්වල්පයක් භාවිතාකරන්න.

හිසකෙස් වල ඉක්මනින් තෙල් ගතිය ඇතිවිම නිසා හිසකෙස් ලිස්සන සුලු ගතියකට පත්වීම හරිම කරදරයක්. මේ ගැටලුවට විසඳුමක් විදියට පිටි හෝ ටැල්කම් පවුඩර් ස්වල්පයක් හිසකෙස් මුල් වල තවරාගන්න. ඔබේ හිසකෙස් දිගුකාලයක් පිරිසිදුව තබාගන්න මේ ක්‍රමය ප්‍රයෝජනවත් වේවි.

6.දත්බුරුසුවක් භාවිතයෙන් කොණ්ඩයේ පිරිපුන් බව වැඩිකර පෙන්වන්න පුලුවන් ක්‍රමයක්.

විශේෂිත ෂැම්පූ වර්ගයක් හෝ වෙනත් හිසකෙස් සැකසුම් ක්‍රමයක් භාවිතා නොකර සරලව හිසකෙස් ප්‍රමාණයෙන් වැඩිබවක් පෙනෙන ආකාරයෙන් සකසාගැනීමට පුලුවන්. හිසකෙස් තට්‍ටුවෙන් තට්‍ටුව දත්බුරුසුවකින් පීරාගන්න. කොණ්ඩයේ අග සිට මුල දෙසට පීරාගත යුතුයි. මේ ක්‍රමයෙන් හොඳ වෙනසක් ඇති වි තිබෙන ආකාරය ඔබටම දැකගත හැකිවේවි.

7.දිගු ඇස්පිහා‍ටු සඳහා ලැවෙන්ඩර් තෙල් භාවිතා කරන්න.

ඔබ දිනපතා භාවිතා කරන මස්කාරා එකට ලැවෙන්ඩර් තෙල් බිංදු දෙකක් පමණ එක්කරගන්න. ලැවෙන්ඩර් තෙල් වලින් ඔබේ ඇස්පිහා‍ටු හොඳින් ඈත්කරමින් දිගුව වර්ධනය කරයි. දින කිහිපයක් ඔබේ මස්කාරා එකෙන් ඔබට ලැබුණු ප්‍රතිඵල දැකගැනීමට හැකිවේවි. ලැවෙන්ඩර් තෙල් වලින් හිසකෙස් වර්ධනය වීම සීග්‍ර කරනු ලබනවා.

8.අලංකාරවත්ව ඇස් හැඩකරගන්න ටේප් කැබල්ලක් භාවිතාකරගන්න.

‘අයි මේක් අප්’ එක හොඳ නිමාවකින් යුතුව ඉක්මනින් අවසන් කරගන්න රූපයේ දැක්වෙන පරිදි කුඩා ටේප් කැබැල්ලක් භාවිතා කරගන්න. ඔබේ මුහුණේ සුමුදු සමට හානියක් නොවීමට, පළමුව ටේප් කැබැල්ල ඔබේ අතේ අලවාගෙන එහි ගම් ස්වභාවය ඉවත්කරගන්න.

9.ඇස් හැඩගැන්වීමේදි පහසුවෙන් වර්ණ වෙනස් කරගන්න කොට්න් බඩ් එකක් භාවිතා කරන්න.

ඔබේ ඇස් හැඩගැන්වීම සැන්දෑ කාලයට ගැලපෙන සේ වෙනස් කරගැනීමට කොට්න් බඩ් එකකින් ඔබේ ඇස් මත ඇති ‘අයි ලයිනර්’ වෙනස්කරගන්න හෝ ඔබ කැමති ලෙසකට ‘අයි ෂැඩෝ’ වර්ණ වෙනස් කරගන්න.

10.ඔබේ මේක් අප් බුරුසුවේ හැඩය නම්‍යශිලීව වෙනස්කරගන්න කොණ්ඩ ක‍ටුවක් භාවිතා කරන්න.

‘මේක් අප්’ කරගැනීම සඳහා සියලුම ආකාරයේ බුරුසු වර්ග තබාගැනීමට අවශ්‍යය නැහැ. ඔබ සතුව ඇති එක් බුරුසුවකින් කැමති හැඩයකට එය සකස් කරගන්න පුලුවන්. රූපයේ දැක්වෙන ආකාරයට බුරුසු කෙඳි පළල් කරමින් එයට කොණ්ඩ ක‍ටුවක් ගසා පවුඩර් බුරුසුවක් සේ සකස්කරගන්න. බුරුසුවේ කෙඳි අවශ්‍යය ලෙස කුඩා කරගැනීමට රබර් පටියක් භාවිතා කරන්න.

11.වැඩිපුර ආලේප වී ඇති තොල් සායම් ඉවත්කරගැනීමට ක්‍රමයක්

ඔබේ තොල් වල වැඩිපුර ආලේප වූ තොල් සායම් නිසා ඒවා මුව තුලට සහා දත් වල පවා ‍රැ‍ඳෙන්නට ඉඩ තිබෙනවා. ඔබ සිනාසෙන විට එයින් ඔබට අවලස්සනක් ඇතිවිය හැකියි. මේ සඳහා ඔබේ ඇඟිල්ලක් හෝ පැන්සලක් නැතිනම් හැන්දක් දෙතොල් වසාගනිමින් මුව තුලට දමා වැඩිපුර ඇති තොල්සායම් පිටතට ඇද ඉවත්කරගන්න.

12.හිසකෙස් ශක්තිමත් කිරීමට සහා රතු ලප කැලැල් වලට ඇස්ප්‍රින් භාවිතාකරන්න.

ඇස්ප්‍රින් ස්ක්‍රබ් එකක් ලෙස සකස් කරගැන ඔබේ සමේ හට ගෙන තිබෙන රතු ලප ඉවත් කරගනිමින් සම සුමුදු කරගන්න පුලුවන්. ඇස්ප්‍රින් පෙති දෙකක් ගෙන වතුර ස්වල්ප්යක් දමා දියකරගනිමින් මුහුණේ සහා ශරීරයේ රතු ලප ඇති තැන්වල ගල්වා මිනිත්තු 5 කට පසුව සෝදා ඉවත්කරගන්න.
ඒ වගේම හිසකෙස් සඳහා සත්කාරයක් ලෙස භාවිතා කිරීමට ඇස්ප්‍රින් පෙති දෙකක් කුඩු කර ඔබේ ෂැම්පූ එක සමඟ මිශ්‍රකර ඔබේ හිසකෙස් සෝදාගන්න. ඔබේ හිසකෙස් ශක්තිමත් කර,දිදුලන දිදුලන බවක් ලබාදෙමින් ඉස් හොරි නැතිකර දමයි.

13.කරාබු කොකු පි‍ටුපසට හැරීම වළක්වාගැනීමට ප්ලාස්ටර් කැබැල්ලක් භාවිතා කරන්න.

කරාබුව එහාමෙහා හැරීම වළක්වාගැනීමට ප්ලාස්ටර් කැබැල්ලක් කන පි‍ටුපසින් කරාබු කොකුව මත අලවාගන්න.

14.අපහසුතා ඇති කරන බ්‍රා වයර් මත ප්ලාස්ටර් කැබැල්ලක් අලවාගන්න

බ්‍රා වයර් නිසා ඔබේ සමට හානිවිය හැකි වගේම වේදනා සහිත තුවාල ඇතිවීමටත් ඉඩ තිබෙනවා. එවැනි දේ සිදුවීම වළක්වාගන්න පිටතට නෙරා ඇති වයර් කොටස ප්ලාස්ටර් කැබැල්ලකින් ආවරණය කරගන්න.

15.දහදිය ගැටලුවලට ඇන්ටිසෙප්ටික් භාවිතා කරන්න.

දහදිය දුගඳ ඇති වීම සම්පූර්ණයෙන් වැළැක්වීමට ඩියෝඩ්‍රන්ට් එකකට බැහැ. දහදිය මත බැක්ටීරියා වර්ධනය වීම නිසා ඇති වන දුඟඳ පාලනය කිරීමට විෂබීජ නාශක දියර ස්වල්පයක් ඔබේ කිහිළි සහා ඇනෙකුත් දහදිය දමන ස්ථානවල ගල්වාගන්න.

16.පාද වල ලිස්සන සුලු ස්වභාවයට ‘හෙයාර් ස්ප්‍රේ ‘ ස්වල්පයක් භාවිතා කරන්න.

සපත්තු පැලඳිමේදි ඇතැම් විට කකුල් ලිස්සාන සුලු ස්වභාවයක් ගන්නවා. මෙය වළක්වාගන්න ඔබේ පතුල් වල හෙයා ස්ප්‍රේ ටිකක් ගල්වන්න. එවිට ඔබේ දෙපතුල් සපත්තුව මත ලිසා නොයා හොඳින් ‍රැඳී තිබේවි.

17.නැවුම් කෝපි කුඩු ස්ක්‍රබ් එකක් ලෙස භාවිතා කරන්න.

කෝපි වලින් ඔබේ මැරුණු සම පහසුවෙන් ඉවත්කරනවා. බොහෝ දෙනෙක් භාවිත කල කෝපි වලින් මෙසේ ස්ක්‍රබ් කරගැනීම සිදුකරනවා. නමුත්, නැවුම් කෝපි භාවිතා කර එසේ කරනවානම් ඔබට වඩාත් හොඳ ප්‍රතිඵල ලැබේවි.කෝපි වල බහුලව ඇති කැෆේස් සාරය සහා ප්‍රතිඔක්සිකාරක ගුණයන් සම පෝෂණය කරනු ලබයි. ඒවගේම සෝදා ඉවත් කල් පසුත් ඔබේ සමේ සුගන්ධවත් බව ආරක්ෂා කරනු ලබනවා.

Leave a Comment