සිය 19 වන උපන්දිනය වෙනුවෙන් කටාන වැලිහේන ප්‍රදේශයේ තරුණයෙකු වන ට්‍රෙවොන් සිල්වා පුල්ලේ රුපියල් මිලියනයක් වටිනා කොවිඩ් වෛද්‍ය උපකරණ තොගයක් ප්‍රාථමික සෞඛ්‍ය සේවා,
වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ වෙත ඊයේ (26) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පරිත්‍යාග කළේය.
මල්ටිපැරා මොනිටර්ස් 02ක් ,නෙබියුලයිසර් 05ක් ඇතුළුව රුපියල් මිලියනයක වෛද්‍ය උපකරණ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ලබාදීමට ඔහු මෙහිදී කටයුතු කළේය.
තරුණයින් සිය උපන්දින සාද පවත්වමින් විනෝදවන සමයක රටේ ව්‍යසනයට පත්වෙලා සිටින රෝගීන් වෙනුවෙන් සත්කාර කිරීමට මෙවැනි පරිත්‍යාග ආදර්ශයක් බව රාජ්‍ය ඇමැතිවරිය සඳහන් කර සිටියාය.
උපුටාගැනීම – අරුණ
