2005 පෙබරවාරි 17 වැනිදා ලෝක ක්‍රිකට් ඉතිහාසයට නව පරිච්ඡේදයක් එකතු කරමින් ලොව මුල් ම 20/20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවැත්වුණා. එම තරගය පවත්වා වසර 2ක් පමණ ගතවෙද්දී 20/20 තරග රටාව ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 20/20 ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කළා.
2007 දී පැවැත්වුණු පළමු 20/20 ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය ලබාදුන්නේ දකුණු අප්‍රිකාව යි. එදා සිට ගෙවුණු වසර 15ක කාලය තුළ පැවැත්වුණු 20/20 ලෝක කුසලාන තරගාවලි ගණන 7ක්. එම තරගාවලිවල දී ඉහළ දස්කම් දැක්වූ කණ්ඩායම් අතර ශ්‍රී ලංකාව ද ඉදිරියෙන් ම සිටිනවා. 20/20 ලෝක කුසලාන වාර්තා රැසක් ශ්‍රී ලංකා නාමය ඉදිරියේ තවමත් ලියැවී තිබෙනවා. මේ කියන්නට යන්නේ එම වාර්තා පිළිබඳ තොරතුරු යි.