World News

2023 දී ලොව ප්‍රථම න්‍යෂ්ටික යුද්ධය ආරම්භ වෙයිද?

රුසියානු- යුක්‍රේන යුද්ධය කියන්නේ මේ වෙනකොට ලෝකයේ වැඩියෙන්ම කතා බහට ලක් වෙන මාතෲකාවක්. නේටෝ රටවල් දිගින් දිගටම යුක්‍රේනයට ආධාර සපයද්දී රුසියාව තමන්ගේ ප්‍රහාර දිගින් දිගටම තව දුරටත් තර කරමින් සිටිනවා. ඉතින් මෙවැනි තත්වයකදී යුධ විශේෂඥයන් න්‍යෂ්ඨික යුද්ධයක් ඇති වීමේ පවා අවධානමක් තිබෙන බවට අනාවැකි පල කර අවසානයි. කාලයක් තිස්සේ ලෝකයේම බලය කේන්ද්‍රගත වෙලා තියෙන්නේ ඇමරිකාව ප්‍රමුඛ යුරෝපයේ වටා බව අපි දන්නා කාරණයක්. නමුත් රුසියාව සහ චීනය ප්‍රමුඛ කරගෙන මේ වෙනකොට ලෝකයේ බලය වෙනත් දිශානතියකට යොමු වෙමින් පවතින බව දේශපාලන විචාරකයන් පවා පිලිගෙන තිබෙනවා. ඒ අනුව ආසියාතික රටවල් වටා ලෝකයේම බලය කේන්ද්‍රගත විමක් ගැන බොහෝ දෙනෙක් තුල විශ්වාසයක් ඇති වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව ලෝකයේම බලවත් රාජ්‍යයක් බවට පත් වෙනවා යන අනාවැකිය නුදුරු අනාගතයේදීම සත්‍යයක් වේවීද?

Leave a Comment