Gossip Lanka

කෙල්ලයි කොල්ලයි වගේ ඉන්නේ නිවුන් අක්කයි නංගියි කියන සොඳුරු කතාව

ලංකාවේ ටෙලි නාට්‍ය කලාව තුළ විවිධ නිර්මාණයන් වල අපි දැකලා  තියෙනවා නිවුන් චරිත නිරූපණය කරන රංගන ශිල්පීන්. බොහෝ වෙලාවට මේ චරිත නිරූපණය කරද්දි ඔවුන්ට සිද්ධ වෙනවා එකම පුද්ගලයාටම අනිත් චරිතයක් නිරූපණය කරන්න. නමුත් අපි අද ඔබට කියන්නට යන්නේ  සැබවින්ම නිවුණු දෙදෙනෙක් විදිහට අපූරු ටෙලි නිර්මාණයකින් මේ දවස් වල වැඩිපුරම ප්‍රේක්ෂකයන්  හමුවට එන සුන්දර තරුණියන් දෙදෙනෙක් පිළිබඳවයි.

න් නමින් අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි  ප්‍රේමචන්ද්‍ර වෙනවා. මේ දෙන්නම නිවුන්නු. රූපයෙන් කතාවෙන්  සහ ඒ වගේම සිනහවකින් වත් මේ දෙන්නා අක්කා ද නංගි ද කියලා  වෙන්කරලා හඳුන ගන්න බැරි තරම් එක හා සමානයි.අක්කා අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර වන අතර නංගි කනුෂ්කි  ප්‍රේමචන්ද්‍රයි. ඔවුන් දෙදෙනා මේ වන විට විසි එක් හැවිරිදි වියෙහි පසුවන තරුණියන් දෙදෙනෙක්. ඉතාමත් ඉක්මනින් මේ සුරූපී තරුණියන් දෙදෙනා පිළිබඳව සමාජ මාධ්‍ය තුළ  කතාබහ කරන්නට පටන් ගත්තේ පසුගිය දිනක ඔවුන් දෙදෙනාම රංගනයෙන් දායක වන මල් පිපෙන කාලයේ ටෙලි නාට්‍ය නිසයි.

මේ ටෙලිනාට්‍යයේ ඔවුන්ට නිරූපණය කරන්න තියෙන්නේ අක්කා නංගී චරිත දෙකක්. සැබෑ ජීවිතයේ අක්කා වෙන අනුෂ්කි මේ ටෙලි ටෙලිනාට්‍යයේ නිල් මුතු කියන චරිතයත් නංගී කනුෂ්කි පිණිමුතු කියන චරිතයත් නිරූපණය කරනවා. මේ ආදරණීය කලා තරු යුවළ සඳහන් කරන්නේ රංගන ක්ෂේත්‍රය පිළිබඳව ඔවුන්ට මහලොකු දැනුමක් නැහැ කියලයි. කෙසේ නමුත් මේ දෙදෙනාටම අපූරුවට හොදින් නටන්න හැකියාවක් තියෙනවා. ඒ නිසාම ඔවුන් දෙදෙනා සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ මේ වන විට අධ්‍යාපනය ලබන්නත් වාසනාවන්ත වෙනවා.

පාසලේ ගුරුභවතුන් නිරන්තරයෙන් ම සඳහන් කළත් රඟපෑම සඳහා අවධානය යොමු කරන්න කියලා ඔවුන් දෙදෙනා ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වලා නැහැ. නමුත් පසු දිනක මේ දෙදෙනාගේ ආදරණීය සහෝදරියක් අයදුම්පතක් යොමු කරනවා ඔවුන්ට රඟපාන  අවස්ථාවක් උදාකරගන්න. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි මල් පිපෙන කාලයේ ටෙලි නාට්‍යයේ  මේ ප්‍රධාන චරිත දෙක නිරූපණය කරන්න මේ අක්කා නංගිට අවස්ථාව හිමි වුණේ.

ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ හදාරන මේ දෙදෙනා ඉතාමත් වෙහෙස මහන්සි වෙලා හොඳින් ඉගෙන ගන්නවා. අනුෂ්කි සහ කනුෂ්කි  කුඩා කාලයේදීම  ඒ කියන්නේ අවුරුදු එකහමාරක් විතර වෙද්දි  ඔවුන්ගේ ආදරණීය පියා මේ ලෝකෙන් සමු ගන්නවා. මේ දෙදෙනාටම ආදරණීය පියා වෙන්නෙත් එදා ඉඳන් මේ දක්වා ඔවුන්ව දුක්මහන්සියෙන් ලොකු මහත් කරපු ආදරණීය අම්මා.රඟපාන්න ශේත්‍රයට එන්න කිසිම බලාපොරොත්තුවක් ඔවුන් තුළ  තිබුනේ නැති උනත් නර්තන හැකියාව සහ දෙදෙනා ම රූපයෙන් සමාන වීම නිසා මේ වටිනා අවස්ථාව හිමි වුණ එක ගැන මේ වන විට අනුශ්කි සහ කනුෂ්කි ඉන්නේ ගොඩක් සතුටින්.

දෙන්නම රූපයෙන් එක සමාන නිසා බොහෝ අවස්ථාවන් වලදී ස්කෝලෙ යන කාලෙ ඉඳන්ම ගොඩක් දෙනෙක්ට පැටලිලා තියෙනවලු. ඒ පිළිබඳව ඔවුන් අදහස් දැක්වුවේ මේ ආකාරයෙන් ඉස්කෝලේ යන කාලේ නං නම් අපි දෙන්නම මාරු වෙනවා. ළඟම ඉන්න අයට අපි දෙන්නම දැන් දැකලම හුරුයි. නැත්නම් අනිත් හැමෝම අහන්නේ ඔයා අනුද  නැත්නම් ඔයා කණු ද කියලා. ඒ විදිහට ගොඩක් දෙනෙක්ට දෙන්න මග ඇරුණු වෙලාවන් තියෙනවා කියලත් ඔවුන් සදහන් කළා. ඒ වගේම තමයි ඔවුන් දෙදෙනා අතර තියෙන අපූරු සහෝදර බැඳීම කියන්නේ අක්කට නංගි නැතුව ඉන්න බෑ නංගිට අක්කා නැතුව ඉන්න බැරි වීමයි. දෙන්නටම දෙන්නා ලග ඉන්න ඕනි කියල සදහන් කරනවා. වෙලාවකට දෙන්නම කෙල්ලයි කොල්ලයි වගේලු.

නර්තනයට උපන් හපන් කියන මේ අක්කා නගෝ දෙන්නම දෙරණ  ලිට්ල් ස්ටාර් තරගයටද තව බොහෝ නර්තන තරග වලටද සහභාගි වී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා. ඉදිරියේදී කලා කටයුතු සමඟ සම්බන්ධ වෙමින් වටිනා නිර්මාණයන් වලට රංගන දායකත්වය දෙන්නත් මේ දෙදෙනා බලාපොරොත්තුවෙන් සිටිනවා.ඒ අතරතුරේ  ඔවුන්ගේ විශ්වවිද්‍යාල ඉගෙනීම් කටයුතු කර ගැනීමටත් ගෙදරින් ඒ වගේම සහෝදර සහෝදරියන්ගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා කියලත් සඳහන් කළා. ඉතින් ඉදිරියේදී ජීවිතය සාර්ථක කර ගැනීමෙන් ක්ෂේත්රය තුළ දක්ෂ රංගන ශිල්පිනියන් වශයෙන් ඉදිරියටම යන්න ඔවුන් දෙදෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

දෙදෙනා පළමු වරට සහභාගී වූ වැඩසටහන

Leave a Comment