ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන ආකාරයට ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුකූලව සකස් කළ ත්‍රස්ත විරෝධී නව පනත් කෙටුම්පත ඉදිරි දින කිහිපය ඇතුලත ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට කටයුතු කළේ මෙරට ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා වන ආකාරයට සමතුලිත නීතියක් ගෙන ඒමේ අරමුණින් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (13) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.