Entertainment

වෙරළට ගහගෙන ආපු අරුම පුදුම ජාති 11 ක්. ( ජායාරූප සහිතයි)

මුහුද කියන්නේ රහස් ගොඩක් හංගන් ඉන්න තැනක්. ඒ නිසාම මුහුද ගැන කාලයක ඉදන්ම ගවේශකයින්, පර්‍යේෂකයින් කටයුතු කරන්නේ ලොකු උනන්දුවකින්. මුහුදු වෙරලෙදි අපිට නිතරම දකින්න හම්බෙන්නේ සිප්පි කටු, කුඩා කුඩා මුහුදු ජීවීන් උනත් හදුනා නොගත් සත්වයෙකුගේ ඇසක් මුහුදු වෙරලේදී හම්බුනා කිව්වොත් ඔයා පුදුම වෙයි. අන්න ඒ වගේ මුහුදු වෙරලට ගහගෙන ආපු අරුම පුදුම දේවල් 11 ක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ.

01. අති විශාල පයිප්ප.

මේ පයිප්පයක විෂ්කම්භය අඩි 6.5 ක්. ඒ වගේම මේ පයිප්පයක දිග මීටර් පන්සීයක්. මේක මුහුදු වෙරලට ගහගෙන ආවේ 2017 වසරේ අගෝස්තු මාසයේයි. මේ විශාල නළය මුහුදට වැටිලා තියෙන්නේ ප්‍රවාහනය කරමින් තියෙන අතරතුරේදීයී.

02. යෝධ ලෙගෝ මිනිසා.

අඩි 8 ක් උස මේ ලෙගෝ මිනිසා ගහගෙන ආවේ නෙදර්ලන්තයේ මුහුදු වෙරලකටයි. මේක දැකපු සියලු දෙනාම මොහොතකට හිතගන්න බැරි තරම් විස්මයට පත් වුනා. ඊට ටික වෙලාවකට පස්සෙ මේ යෝධ ලෙගෝ මිනිසාව කෙලින් කරපු ඔවුන් ඒකේ පින්තූර ගන්න පටන් ගත්තා. මේ යෝධ ලෙගෝ අනුරුව මුහුදට වැටුනේ කොහෙන්ද කියන එක තාමත් අභිරහසක්.

03. කන්ටේනර්.

2007 අවුරුද්දේ නෞකාවක් ගිලී යාමේ ප්‍රතිපලයක් තමයි මේ. ඒ නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබුණ කන්ටේනර් පෙට්ටි විශාල ප්‍රමාණයක් මේ විදියට එංගලන්තයේ ඩෙවෝන් වෙරලට ගසාගෙන ඇවිත් තිබුනා. ඉතින් මේ පෙට්ටි වල තිබුණේ මොනවද කියල බලන්න ගොඩක් දෙනා උත්සුක උනා. ඒ පෙට්ටි ඇතුලේ වයින් බැරල් වගේම බී එම් ඩබ්ලිව් වර්ගයට අයත් මෝටර් සයිකල් තිබුණු බවත් සදහන්.

04. මිසයිල කොටස්.

මේ මිසයිල වල සුන්බුන් හොයාගත්තේ 2016 අවුරුද්දේ ජපානයේ මුහුදු වෙරලකිනුයි. බළධාරීන් විශ්වාස කරන්නේ උතුරු කොරියාව 2016 අවුරුද්දේ අත් හදා බලපු මිසයිල කොටසක් මේ විදියට වෙරලට ගසාගෙන එන්න ඇති කියලයි.

05. හදුනා නොගත් ජීවියෙකුගේ ඇසක්.

2012 වසරේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ මුහුදු වෙරලකට ගහගෙන ආපු මේ අස්වාභාවික ඇස මොන වර්ගයේ සතෙකුට අයිතිද කියල කියන්න කාටවත් පුලුවන් උනේ නැහැ.

06. ඉලක්ක උණ්ඩයක්.

යුදමය කටයුතු වලදී භාවිතා කරන අපූරු වස්තුවක් 2008 වසරේදී ස්කොට්ලන්තයෙන් මුහුදු වෙරලකට ගසාගෙන ඇවිත් තිබුනා.

07. දාදු කැටයක්.

පොඩි දාදු කැටයක් උනා නම් මේක කවුරුත් දකින එකක් නැහැ. මේ දාදු කැටය අසාමාන්‍ය විදියට විශාල එකක්. මේක වෙරලට ගහගෙන ආවේ 2017 අවුරුද්දේ මාර්තු මාසයේදීයී.

08. අභ්‍යවකාශ යානයක සුන්බුන්.

එලෝන් මස්ක් ගේ ස්පේස් එක්ස් ව්‍යාපෘතියෙන් අභ්‍යාවකාශ ගත කරපු මේ අභ්‍යාවකාශ යානයේ සුන්බුන් හම්බුනේ 2015 අවුරුද්දේ බහමාස් වලිනුයි.

09. කින්ඩර් ජෝයි එග්ස්.

කින්ඩර් ජෝයි කියන්නේ පොඩි ලමයි අතර ගොඩක් ජනප්‍රිය චොකලට් වර්ගයක්. ඉතින් ජර්මනියේ ලැන්ගෝග් වෙරලේ ජීවත් වුන ලමයිට 2017 අවුරුද්දේ ලොකු තෑග්ගක් හම්බුනා. ඒ කින්ඩර් ජෝයි එග්ස් සහ ලෙගෝ සෙල්ලම් බඩු දහස් ගානක් මුහුදට ගහගෙන ආවට පස්සෙයි. මේ සෙල්ලම් බඩු ප්‍රවාහනය කරමින් තිබුණ නැවක් කැඩී බිදී ගියාට පස්සේ ඒවා මුහුදට එකතු වෙලා මේ විදියට වෙරලට ගහගෙන ඇවිල්ලා තිබුනා.

10. සාගරයේ රළ වල වේගය මනින උපකරණයක්.

බැලූ බැල්මට පියාබන පීරිසියක් වගේ පෙනුනට මේක එහෙම එකක් නම් නෙමෙයි. සාගරයේ රල වල වේගය මනින විශේශිත උපකරණයක් උන මේක කිසියම් හෝ හේතුවක් නිසා මේ විදියට මුහුදු වෙරලට ගහගෙන ඇවිත් තිබුණා.

11. සුනාමියෙන් ගහගෙන ආපු අහිරහස් වස්තුව.

2011 වසරේ සිදුවුන සුනාමි ව්‍යසනයකට පස්සෙ මේ සුදු පාට අති විශාල ද්‍රව්‍යය මුහුදු වෙරලට ගහගෙන ඇවිල්ලා තිබුනා. මේ විශාල සත්වයෙක් වෙන්න පුලුවන් කියල බොහෝ දෙනෙක් අදහ්ස් පල කලත් වැඩි දුර පරීක්ෂණ වලදී හෙලි වුනේ තල්මසෙක් එහෙමත් නැතිනම් මෝරෙක් ආහාර අරගෙන වමාරපු ආහාර කොටසක් මේ විදියට මුහුදට එකතු වෙලා කියලයි

Leave a Comment