Gossip Lanka

‘මම මේ අකවුන්ට් එක මකා දාන්න හිතුවා, මතක් වේවි ඔයාලව’ කේ. සුජීවාගේ ලොකු දුව අංජලී සමාජ මාධ්‍යයෙන් සමු ගත්තද?

වසර 18කට පසුව තමන්ගේම ගීතයක් කිරීමට සමත් වුණු කේ. සුජීවා ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පිණියක්. ඇයගේ ඇති ප්‍රාසාංගිකත්වය නිසාම ඇය වේදිකාව තුළ වෙනස්ම චරිතයක්.

ඉතින් තරුණියක් වගේ තවමත් දියණියන් දෙදෙනෙක් සිටින් කේ. සුජීවා සහ ඇගේ දියණියන් දෙදෙනා සමගින් සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් ජනප්‍රිය චරිතයන් වෙනවා. ඉතින් ඇගේ වැඩිමහල් දියණිය අංජලී රාජ්කුමාර් පසුගිය දවසක ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් පළ කර තිබුණා.

‘ආයුබෝවන් සගයිනි, මම මේ ගිණුම මකාදාන්න තීරණය කළා. මාව අමතක කරන්න එපා. මට ඔයාලා නැතුව පාලු දැනේවි.’ලෙසයි. කෙසේ නමුත් ඇය එහි අවසානයේ මෙසේද සටහන් කර තිබුණා.
‘ පින්තූරයට කැප්ශන් එකක් නැති නිසා මේක කොපි කරලා දැම්මේ. ඔයාලා හැමෝටම සුබ දවසක්’ ඇගේ විහිළුවට බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වලා තිබුණා.

Leave a Comment