Local News

අතුරුදන්ව සිටි දැරියන් තිදෙනා නැවත නිවෙසට ඇවිත්

කොළඹ 12 ප්‍රදේශයෙන් සඳුදා අතුරුදන් වූ බාලවයස්කාර දැරියන් තිදෙනා අද (9) සන්ධ්‍යා කාලයේදී නැවත නිවෙස් වෙත පැමිණි බව පොලිසිය පවසයි.

ඔවුන්ගේ ඥාතියෙකු වන රයිස් අල් හක් ඒ බව ට්විටර් සටහනක් යොදමින් මෙසේ සටහන් කර තිබුණි.

‘අතුරුදන් වූ දැරියන් 3ක් නිරුපද්‍රිතව නිවසට පැමිණියා. ඔවුන් නිරුපද්‍රිත සහ ආරක්ෂිත යැයි මා පවසන්නේ, ඔවුන් නිරුපද්‍රිතව සහ ආරක්ෂිත බව මා දැන සිටි බැවින් හා එය විශ්වාස කළ හැකි මූලාශ්‍රයකින් පැමිණි ඇති නිසාය.
සමහර වෙලාවට අපි අපේ පැත්ත නොකියන්නේ අනිත් අයට නරක නමක් ඇති කරන නිසාය.
කෙසේ වෙතත් ගැහැණු ළමයින් 3 දෙනෙක් තවදුරටත් අතුරුදහන් නොවේ. ‘

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, බාලවයස්කාර දැරියන් තිදෙනා අතුරුදන්වීම සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බවයි.
කොළඹ 12 පදිංචි ෆාතිමා රක්සා (15), ඇගේ සොහොයුරිය වන ෆාතිමා කදේරා (13) සහ ගම්පොළ පදිංචි ෆාතිමා වර්යා (13) යන ඥාති සොහොයුරිය සඳුදා අලුයම නිවසින් පිටව ගොස්  එතැන් සිට නිවසට නොපැමිණි බව දන්වා තිබුණි. ඔවුන් ගාලු මුවදොර වෙත යන බව පවසා මවගේ ජංගම දුරකථනයද රැගෙන ගොස් තිබූ නමුත් ඊට ප්‍රතිචාර දක්වා නොතිබුණි.

දැරියන් සොයා ගැනීම සඳහා කොළඹ (මධ්‍යම) අපරාධ විමර්ශන ඒකකය සහ කෙසෙල්වත්ත පොලිසියේ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබූ අතර යලි නිවසට පැමිණෙන තුරු ඔවුන් කුමක් කළේද යන්න තවම හෙළි කර නැත.

ඔවුන් අතුරුදන්ව සිටියදී සොයා ගැනීම සඳහා පරීක්ෂා කරද්දී පොලිසියට හමුවූ සාප්පු යාම ඇතුළත් සීසීටීවී වීඩියෝව පහතින්

Leave a Comment