Local News

ඉන්ධනහලක දරුණු ගැටුමක්.. පොලිසියේ 09ක් තුවාලයි..(video)

ඊයේ රාත්‍රියේ අතුරුගිරිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලත කලහකාරී තත්වයක් හට ගෙන තිබේ. ඉන්ධන ලබා ගනීමට පැමිණි ජනතාව සහ පොලිසිය අතර මෙම කලහාකාරී තත්ත්වය හටගෙන ඇත්තේ ඉන්ධන පිරවුම් හලේ ඉල්ලන තොග අවසන් බව පැවසීමත් සමගයි.

ජනතාව අතර සිටි පිරිසක් ආරක්ෂිත වැඩ කඩා ගෙන පැමිණ පොලිස් නිලධාරීන්ට පහරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඉන්පසු පිරිස පාලනය සඳහා පොලීසිය කටයුතු කළ බවත් සිද්ධිය සම්බන්ධයෙන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය. ඇතිවූ කලහාකාරී තත්ත්වයෙන් පොලිසියේ නව දෙනෙකු තුවාල ලබා තිබේ.

Leave a Comment