මුල්අලා ඕමාර් අද ජීවතුන් අතර නැත. එක ඇසකින්
පමණක් ජීවත් වූ හෙතෙම තලේබාන් නායකයා ලෙස
ප්‍රචලිතව සිටියේය. 2001 දී ලොව ප්‍රකට බාමියන් පිළිම
විනාශ කරනු ලැබුවේද මුල්ලා ඕමාර්ගේ අණකිරීම මතය.
මුල්ලා මේ ක්‍රියාව සඳහා පොළඹවා ඇත්තේ අල්කයිඩා
නායකයින් බව කියවේ. වසර විස්සකට පසුව ඉකුත් අගෙ
ා්ස්තුවේදී කාබුල් බලය අත්පත් කරගත් තලේබාන්
සංවිධානය සිදුකර ඇති අලූත්ම නියෝග වන්නේ කුමක්ද?
එය සමහරුන්ට නම් සිනහ නන්වන්නකි. එනම් ග
නුදෙනුකරුවන්ගේ රැවුල කැපීම එරට බාබර්වරුන්ට තහනම්
කිරීමයි. ලෝකය වේගයෙන් ඉදිරියට ගියත් මේ වහාබ්
අන්තවාදී කණ්ඩායමේ අරමුණ මහම්මත්තුමාගේ කාලයට
ඇෆ්ගන් සංස්කෘතිය ගෙනයෑමටය. මුස්ලිම් එමිරය සුරැකීම
වෙනුවෙන් ඇෆ්ගන් වැසියන්ට රැවුල කැපීම තහනම් කර
තිබේ.
—සටන්කාමියො ආයේ ආයේ ඇවිත් අපට අණ කරනවා
රැවුල කොට කිරිල්ල නවත්තන්න කියලා,˜ කාබුල්හි එක්
බාබර්වරයකු පැවසුවේ ය. —වෙස්වලා ගත්ත සෝදිසිකාරයෝ
එවලා අපිව අල්ලගන්නවා කියලා එක්කෙනෙක් මට කිව්වා.˜
කාබුල් නගරයේ විශාලතම බාබර් සාප්පුවක හිමිකරු වන
කොණ්ඩා මෝස්තර ශිල්පියෙකු සඳහන් කළේ රජයේ
නිලධාරියකු වශයෙන් හඳුන්වාගත් අයෙකුගෙන් තමාට
දුරකථන ඇමතුමක් ලැබුණු බව යි. එම තැනැත්තා —
ඇමරිකානු මෝස්තර අනුගමනය කිරීම නවතා දමන
ලෙසත් කිසිවෙකුගේ රැවුල කෙටි කිරීම හෝ කපා දැමීම
නොකරන්නැ යි උපදෙස් දී දී ඇත.˜ පාරතොටේ දී
තලේබාන් සාමාජිකයින්ගෙන් කරදර සිද්ධ වෙනවාට බයේ
අපේ ගනුදෙනුකාරයෝ දැන් රැවුල බාන්නේ නෑ,
ඒගොල්ලන්ට ඕනේ පුළුවන් තරම් තලේබාන්කාරයෝ වගේ
පෙනුම හදාගෙන, කැපී නොපෙනී ඉන්න යි.˜ යැයි හේරත්
ප්‍රාන්තයේ කරණවෑමියකු බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කර
තිබි‚. ඇත්තෙන් ම නව පාලනය යටතේ රැවුල නොව
සංගීතය ද එරට තහනම් වී ඇත. තලේබාන් සංවිධානයේ
ශරියා නීතිය හේතුවෙන් ආගම සම්බන්ධ දේ හැර සජීවී
සංගීතය ඇතුළු බොහෝ කලාත්මක ප්‍රකාශන තහනම් කර
ඇත. තරුණ ශිල්පිනි අයේෂා ඛාන්ට සංගීතය වෙනුවෙන්
ඇෆ්ගනිස්ථානය හැරයන්නට සිදුවන්නේ මුල්ලාවරුන්ට බලය
අල්ලා ගැනීම නිසාය. zඇෆ්ගන් ස්ටාර්Z නම් සංගීත රියැලිටි
වැඩසටහනට 2018 දී සහභාගී වීමෙන් පසු අයේෂා විශාල
ලෙස ජනප්‍රියත්වයට පත් වූවාය. ඒ ජනප්රියත්වයම ඇයට
පාරාවළල්ලක් වී ඇත.
ඇත්තෙන්ම ඇය පසුගිය වසර දෙකක
කාලය තුළ කාබුල්හි සංගීතය හදාරමින් සිටි
අතර සජීවී ප්‍රසංගවල සුවිශේෂ චරිතයක්
විය. තුවක්කුවෙන් රට පාලනය කරන පිරිස
බලයට පත්වීමත් සමග සර්පිනා සඟවා
තැබීමට සිදුවිය. සුන්දර පෙනුමැති අයේෂා
කියන්නේ මෙවන් කතාවකි.
—මම
කාන්තාවක් මෙන්ම ගායිකාවක් වන නිසා
මට රට හැර යෑමට සිදු වුණා. තලේබාන්
සංවිධානය අපට අපේ වෘත්තියෙන් ඉවත්
වීමට බල කළා. මේ දිනවල ඇෆ්ගන්
කාන්තාවක් වීම දුෂ්කර වගේම
තලේබාන්වරුන්ට ගායිකාවක් නම්
දරාගන්නම බැහැ. මම සංගීතයට ප්‍රිය කරන
නිසා දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී
වැඩ කළා. මට එය අතහැර දමන්න බැහැ.
මට නම් සංගීතය ජීවිතය. හැමදෙනාම සංගීතයට කැමති
නිසා අපට එයින් ලොකු දෙයක් කරන්න පුළුවන්.
කොහොම නමුත් උපන් රට අතහැර එන්න වුණා. ඒක හිතට
අමාරුයි˜ අයේෂා කියයි
සිංහල යොහානි ගේ ජනප්‍රියත්වය නිසාම ඉන්දීය
රූපවාහිනී සේවා ඇයගෙන් සජීවී සාකච්ඡා
ලබා ගනිද්දී බීබීසී උර්දු සේවයේ හුමාරියා
කන්වල් ඇෆ්ගනිස්ථානයෙන් පිටත විදෙස්
රටක මහල් නිවාසයක කුඩා නිදන කාමරය
පමණක් ඇති නිවසක රහසිගතව වෙසෙන
අයේෂා ඛාන් හමුවෙයි.
ඒ ගීතයක්
විචාරන්නට නොව සර්පිනාව ද සමග
පැනයෑමට සිදුවීම විමසන්නටය. ගීත ගැයීම
කෙසේවෙතත් කට අරින්නටවත් කාබුල්
ගායිකාවට හැකියාවක් නැත. සිංහල ගායිකාව
බිලියනයක් වෙසෙන ඉන්දියාව වසඟ කරද්දී
අයේෂා තනිවම සුසුම් හෙළයි.
ඇය බීබීසී
වාර්තාකාරිනිය සමග අවසාන වශයෙන් කියා
සිටියේ —මගේ කාලයේ මිනිසුන්ට අනාරක්ෂිත
බවක් දැනෙනවා. අපට නිදහස ලබා ගැනීමට
උදව් කරන ලෙස මම නිහතමානීව ලෝකයෙන් ඉල්ලා
සිටිනවා.˜ තලේබාන් බලය නොමැති කලක අයේෂාට යළි
කාබුල් වෙත ගොස් ප්‍රසිද්ධියේම ගීත ගයන්නට හැකියාව
ලැඛෙනු ඇත. එය කවදාදැයි අප දන්නේ නැත.
ඇමරිකානු
ජාතික සංගීත විද්‍යාඥ ඩේවිඩ් රැන්ඩොල්ෆ් වචනයට යා
හැකි දුර ගෙවා නවතින තැනින් සංගීතය උපත ලබයි යන්න
පවසා තිබේ. එහෙත් ඒවා පිළිගන්නට ඇමෙරිකන් තුවක්කු
ගත් තලේබාන්වරු අකමැතිය.