ජීවිතය දිනන ම්නිසුන් අනුගමනය කරන පුරුදු ගැන ලොව ජීවන් වන බොහො දෙනෙක් උනනදු වෙනවා. ඔවුන් සාර්තකත්වයට පත් වුනේ කොහොමද? ඒ සදහා අනුගමනය කලේ මොනවාද මෙන්ම ඔවුන්ගේ දයිනික ජීවීතයේ ඔවුන් අනුගමනය කරන පුරුදු මොනවාද? අපි අද මේ ලිපිය හරහා කතා කරන්නට යන්නේ ඒ පිලිබදවයි.ඔබත් ජීවීතය සාර්තක කර ගැනීමට උත්සාහ කරන කෙනෙක් නම් මේ ලිපිය අවසන් වෙන තුරු බලන්නට අමතක කරන්න එපා.
අංක එක : උදෑසන දින චර්‍යාව.
අපි අපේ දවස ආරම්භ කරන්නේ කොහොමද කියන එක ඒ දිනයේ සාර්තකත්වයට බොහෝ සෙයින් බලපාන කාරණයක්. මේ ලිපිය බලන ඔබට පුලුවන් ඔබ දවස පටන් ගන්නේ කොහොමද කියල මොහොතක් සිතා බලන්න. ඔබ පලමුවෙන්ම කරන්නේ ඔබගේ දුරකතනය අතට ගැනීමද? ඉන්පසුව ඔබ සිදු කරන්නේ සමාජ ජාලා වෙබ් අඩවි වලට පිවීසීම නම් ඔබගේ සාර්තකත්වයට එය විශාල බාධාවක්. උදෑසන අවදි වූ පසු ඔබ සිදු කල යුත්තේ අද ඔබට නියමිත වැඩ මෙනෙහි කිරීමයි. ජීවිතයේ සාර්තකත්වයට පත් වූ බොහෝ දෙනෙක් පලමුව සිදු කරන්නේ මානසික සහ කායිකව තම සිරුර සන්සුන් කර ගැනීමයි. ව්‍යායාම වල නිරත වීම එහෙමත් නැත්නම් භාවනා අභ්‍යාස වල නිරත වීම ඔවුන් සාමාන්‍යෙන් සිදු කරනවා. නිතරම ඔබ දවස ආරම්භ කල යුත්තේ ධනාත්මකවයි. ධනාත්මක සිතුවිල්ලකට සවන් දීමෙන් පසු දිනය ආරම්භ කරන්න.එය සාර්තකත්වයට පත් වීමේ පළමු පියවරයි.
අංක දෙක : අභියෝග වලට මුහුණ දීම.
ඔබට සාර්තක වෙන්න ඕන නම් ඔබ මුලින්ම කරන්න ඕන දේ තමයි අභියෝග වලට මුහුණ දෙන එක. ඔයාගේ ජීවිතයේ පහසු කලාපයෙන් මිදිලා නොහැකි යනුවෙන් නම් කල සියල්ල කිරීමට භාර ගැනීමයි සාර්තකත්වයට පත් වීමේ පළමු පියවර වෙන්නේ. ඔයා ලග තිබෙන සියලුම දේවල් ඔයා අත් පත් කරගෙන තිබෙන්නේ ඔයා මේ තරම් කාලයක් කල කී දේ නිසා. එයට අමතරව ඔයාට යම් දෙයක් අවශ්‍යයි නම් ඔයාට සිදු වෙනවා අභියෝග රැසක් බාරගන්න. ඒවගේම ඒ වෙනුවෙන් කැප වෙන්නට සිදු වෙනවා. ඒ ඒ කාලයට අව්ශ්‍ය ජය ගත යුතු අභියෝග වෙන් වෙන්ව සටහන් කරගෙන ගත කරන සෑම මොහොතක්ම ඒ වෙනුවෙන් ගත කරන්නට උත්සාහ කරන්න.
අංක තුන : ක්‍රීඩා කිරීම.
ලෝකයේ සාර්තක වූ බිලියනපතියන් බොහෝ දෙනෙක් ක්‍රීඩා කිරීමේ වැදගත්කම සහ කායික නිරෝගී බව ගැන බොහෝ සැලකිලිමත් වෙනවා.ඔවුන් පවසන්නේ ක්‍රියාශීලී බව සාර්තක දිවි පෙවෙතක් සදහා ඉතා වැදගත් වන බවයි. මේ නිසා ජීවිතයේ සාර්තක වූ බොහෝ දෙනෙක් කාය වර්ධන මධ්‍යස්තාන වලට යාම වෙනුවට විවිධ ක්‍රීඩා සිදු කිරීමට පෙළබී තිබෙනවා.ක්‍රීඩා කරන විට ඇතිවන කණ්ඩායම් හැගීම,ජයග්‍රහණයෙන් පසු මානසිකව ඇතිවන තෘප්තිය ඔබට තනිවම ව්‍යායාම කිරීමෙන් ලැබෙන්නේ නෑ.මේ නිසා හැකි තරම් කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කර හැකි ක්‍රීඩා වලට යොමු වෙන්න.
අංක හතර : සීතීමට කාළය වෙන් කරගන්න.
අපි ජීවිතයේ වැඩි කාලයක් සිදු කරන්නේ සිතීම බව ඔබ දන්නවා ඇති. නමුත් බොහෝ දෙනෙක් නොකරන දෙයක් තමයි සිතීම සම්බන්ධයෙන් කල්පනා නොකිරීම. ඔබට ඔබගේ සිතුවිලි හදුනා ගැනීමට හැකිද? වර්තමානයේ බොහෝ දෙනෙක් තමාගේ සිතුවිලි රටාව පිලිබදව දැණුවත් නෑ.මේ හේතුව නිසාම බොහො වටිනා සිතුව්ලි සහ අදහස් ඔබගේ සිත තුලම සැගවී තිබෙන්නට පුලුවන්. ලෝකයේ බිලියනපතියන් බොහෝ දෙනෙක් තමාගේ සිත සමග තනි වීමට කාලයක් වෙන් කර ගැනීමට හුරු වී සිටිනවා. කාර්‍යබහුල ජීවන රටාවෙන් මිදී ඔවුන් තමාගේ සිත සමග කතා බහ කිරීමට උත්සාහ කරනවා. එසේ කිරීම තුලින් ජීවිතය්ට එන බොහොමයක් ගෑටලු සහ ප්‍රශ්ණ වලට විසදුමක් ලබා ගත හැකි බව ඔවුන්ගේ අදහසයි. එසේම එය අභියෝගයන් හමුවේ නිර්මාණාත්මකව සිතීමට පහසුවක් බවද බොහෝ දෙනාගේ මතයයි.
අංක පහ : සැලසුම් කිරීම.
ඔබ අවදි වූ වේලාවේ සිට නිදාගන්නා වේලාව දක්වා ගත කරන කාලය ගත කරන්නේ සැලසුමක් සහිතවද? සැලසුමක් සහිතව කාලය ගත කිරීමෙන් ඔබට දවසේ අනව්ශ්‍ය ලෙස වැය වන කාලය ඉතා පහසුවෙන් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙනවා. ලෝකයේ සාර්තක වූ බොහොමයක් දෙනා දවසින් වැඩි ප්‍රයෝජන ලබා ගන්නේ මෙසේ දිනය සැලසුම් කිරීමෙන් පසුවයි. එසේම ඒ ඒ දිනයට අදාල කාර්‍යයන් ඊට පෙර දිනයේ තීරණය කිරීම තුලින් ඒ දිනයට අදාල සියලුම කාර්‍යයන් ඔබට පහසුවෙන් ඉටු කර ගන්නට පුළුවන්. වඩා වැඩි වැදගත්කමක් සහිත කාර්‍යයන් වෙනුවෙන් මුල්තැණක් ලබා දී කාර්‍යයන් පෙළ ගැස්වීම තුලින් ඔබට වඩාත් ඵලදායී දිනයක් ගත කරන්නට අවස්තාව ලැඹෙනවා.
අංක හය : ජීව ක්‍රියා ඔරලෝසුව.
අපි බොහෝ වෙලාවට කතා කරන දෙයක් තමයි ලෝකයේ ඉතා ඉහල සාර්තකත්වයක් ලබ ගත් පුද්ගලයන් උදෑසනම තමන්ගේ දවස පටන් ගන්නා බව. සාමාන්‍යයෙන් ඔවුන් දවස පටන් ගන්නේ උදෑසන 4-6 ත් අතරයි. ඒ තුලින් දවසේ ප්‍රයෝජනයට ගත හැකි කාලය වැඩි වෙන අතරම මේ පුරුද්ද දවස ජීවයෙන් යුතුව ඇරබීම සදහාත් උපකාරී වෙනවා.කෙසේ වෙතත් ඔබ එලාර්ම් ඔරලෝසුවක ආධාරයෙන් උදෑසන අවදි වීමට උත්සාහ කිරීමෙන් සිදු වන්නේ දවස පුරා යම් වෙහෙසක් දැනීමයි. මේ නිසා ඔබගේ යහපත් පුරුදු නිරායාසයෙන්ම පවත්වා ගෙන යාමට උත්සාහ කරන්න.එලාර්ම් ඔරලෝසුවක් නොමැතිව ඔබට උදෑසන අවදි වීමට හැකි නම් ඒ එම පුරුද්ද ඔබගේ ශරීරයට එකතු වී අවසන්. මේ ආකාරයට නිදාගැනීම, අවදි වීම වැනි දේවල් ඔබගේ සාමාන්‍ය ක්‍රියා පටිපාටියට එකතු කරගන්නට උත්සාහ කරන්න.
අංක හත : සමාජ ජාලා වලින් ඈත් වෙන්න.
සමාජ ජාලා වල ඔබ දිනයකට කොපමණ කාලයක් ගත කරනවාද? නමුත් ලෝකයේ සාර්තක වූ බොහෝ දෙනෙක් සමාජ ජාලා භාවිතා කරන්නේ ඉතා සුලු වශයෙන්. ඔවුන් එම කාලය තමන්ගේ විනෝදාංශ වෙනුවෙන් තමන්ගේ පවුලේ අය වෙනුවෙන් කැප කරනවා. ගීත ගායනා කිරීම, තමාගේ හිත මිතුරෙකුගේ සුව දුක් විමසීම වගේම වෙනත් වටිනා ප්‍රයෝජනවත් දෙයක් වෙනුවෙන් කාලය වෙන් කිරීමට එම කාලය ඔබට භාවිතා කරන්න පුලුවන්.මේ නිසා සමාජ ජාලා වල අනවශ්‍ය ලෙස කාලය නාස්ති කිරීම වහාම නවත්වා දමන්නට කටයුතු කරන්න.
අංක අට : ඔබ වැඩ කරන ස්තානය පිලිවෙළට සහ පිරිසිදුව තබා ගන්න.
ඔබ වැඩ රාජකාරී අධික කෙනෙක් වෙන්නට පුලුවන්. නමුත් දිනයේ මිනිත්තු තිහක් ඔබ වැඩ කරන ස්තානය පිරිසිදුව සහ පිලිවෙලට තබා ගැනීමට උත්සාහ කරන්න. කෙනෙකුට ප්‍රියමනාප වන සේ එම ස්තානය තබා ගැනීමෙන් ඔබට ලැබෙන්නේ අමතර ශක්තියක්. ඒවගේම ඔබ අවට සිටින අය ඔබ පිලිවෙලට සහ පිරිසිදුව වැඩ කරන අයෙක් බව එයින් විස්වාස කීරීමට පටන් ගන්නවා. එසේ නොමැති වුවහොත් ඔබ වැඩ කරන අතර අවට වටපිටාව දෙස බලන විට ඔබට අමතර ආතතියක් ඇති වෙන්නටත් කම්මැලි සහ එපා වීමක් සිදු වෙන්නටත් පුලුවන්.මේ නිසා හැකි සෑම විටම පිරිසිදු කම සහ පිලිවෙලට මුල් තැනක් ලබ දෙන්න.
අංක නවය : ක්‍රියාත්මක වෙන්න.
ඔබ තාමත් සාර්තකත්වය වෙනුවෙන් සිහින දකින කෙනෙක් වෙන්නට පුලුවන්. නමුත් සිහින දැකීම පමණක් සාර්තක වීම සදහා ප්‍රමානවත් වන්නේ නෑ. ඔබ මේ වන විට ඔබ වැඩ කරන ක්ශේත්‍ර්‍ය තුල ඉතා සුලු ව්‍ය්වසායකයෙක් වෙන්නට පුලුවන්. නමුත් යම් දිනයක ඔබ අපේක්ෂා කරන සාර්තකත්වය ඔබට ලැබෙන බව නිතරම සිතන්න. මේ නිසා සිහින දැකීම සහ සැලසුම් කිරීමට අමතරව ඒවා ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන්න. සුලුවෙන් හෝ ආරම්භ කිරීමයි සාර්තකත්වයේ මූලික පියවර වන්නේ.
අංක දහය : ජර්නලයක් සකස් කරන්න.
ලොව සාර්තක වූ බොහෝ දෙනෙක් දිනයකට පැය භාගයක්, පැයක් අතර කාලයක් යමක් ලිවීම සදහා වෙන් කරනු ලබනවා. ඒ කාලය තුල ඔබගේ සිතේ තිබෙන නව අදහස් යෝජනා ලියා තබන්න. පර්‍යේශණ වලින් හෙලි වී තිබෙන්නේ ලිවීම මගින් කෙනෙකුගේ ආතතිය අවම වන බවයි. ඒ වගේම නිර්මාණශීලී මනසක් නිර්මාණය කිරීම සදහාත් ලිවීම බොහෝ සෙයින් උපකාරී වෙනවා. මේ නිසා ඔබගේ කාර්‍යබහුල ජීවිතයේ වූවත් පැය භාගයක් පමණ මේ ජර්නලය සකස් කිරීම සදහා වෙන් කරගන්න.
අංක එකොළහ : වැඩ සදහා ප්‍රමුඛත්වය ලබා දීම.
ඕනෑම කෙනෙකුට තම තමන්ට අනන්‍ය වූ විනෝදාංශ තිබෙනවා. ගිටාරය වාදනය කිරීම, චිත්‍ර ඇදීම වගේම සංචාරය කිරීම ඔබගේ ප්‍රියතම විනෝදාංශ අතර එකක් වෙන්නට පුලුවන්.නමුත් මේවායේ ඇති ප්‍රමුඛතාවය ඔබ හදුනා ගත යුතු වෙනවා. ඔබගේ සියලු වැඩ පසෙක දමා විනෝදාංශ වල නිරත වීම කිසිසේත් සුදුසු වන්නේ නෑ.එසේම නිතරම වැඩ වල නිරත වීම සුදුසු වන්නේත් නෑ. ඔබගේ එදිනෙදා ජීවිතයේ අවශ්‍ය වැඩවලට ඉහල ප්‍රමුඛතාවයක් ලබා දෙන්න. ඉන්පසුව ඊලග වැඩ සදහා යොමු වන්න.එසේ කල විට ඔබට ඉතා හොදින් දිනය සැලසුම් කරගන්නට පුලුවන්.
අංක දොළහ : ඉරිදා දිනය ගැන සැලකිලිමත් වෙන්න.
සති අන්තය එලබෙන්නේ විවේක ගැනීමට පමණක් නොවෙයි. ලෝකයේ බිහි වූ බිලියනපතියන් බොහෝ දෙනෙක් ඉරිදා දිනය යොදාගන්නේ තමන්ගේ ඉදිරි සතිය කළමනාකරණය කර ගැනීම සදහායි. ඒ ඒ දිනය වෙනුවෙන් වෙන් වී ඇති කාර්‍යභාර්‍ය්‍යන් සටහන් කර දළ සැලැස්මක් සකසා ගන්නා ඔවුන් සදුදා දිනයේ සතිය ආරම්භ කරන්නේ සැලසුම් සහගතවයි. ඔබටත් සාර්තක වීමේ ආශාවක් කැමැත්තක් තිබේ නම් ඉරිදා දිනයේ පැයක් වෙන් කර ඔබගේ සතිය සැලසුම් කරගන්නට අමතක කරන්නට එපා.