Local News

ඔෆිස් එකේ උපන්දින පාටිය නිසා කසාදෙත් ඉවරයි.

කාර්‍යාලීය සහෝදර සේවිකාවට උපන් දිනය දා දුන් හදුවෙන් සිය බිරිය සිය භාරයට ගැනීමට සතියක් දෙකක් මහන්සි ගන්නට සිදුවූ සේවකයෙක් ගැන දකුනෙන් අසන්නට ලැබේ.

කොරෝනා වසංගතය මධ්‍යයේ වුවද ඇය සිය උපන්දිනය චාමයට සමරන්න කටයුතු කලේ එය තිස්වැනි උපන්දිනය නිසාය. සිය උපන්දින කේක් ගෙඩිය ඇය සිය සහෝදර සේවකයන් ස්මග කපන්න තීරණය කලේ ඒ වන විට කාර්‍යාලයේ අය පවුලේ අය තරමටම ඇයට සමීප නිසායි.

සුබ පැතුම් මධ්‍යයේ කේක් ගෙඩිය කැපූ ඇය සහෝදර සේවක සේවිකාවන්ට කවා ඔවුන්ගෙන් උණුසුම් හාදු වැස්සක්ද ලබා ගත්තේය. බොහෝ දෙනෙක් මේ සියල්ල ජායාරූප ගත කරගෙන තිබිණි. මේ අතරින් එක් තරුණයෙක් අලුතෙන් විවාපත් වූ අයෙක් විය. අවසානයේ ඔහු නිවසට යන විට බිරිද ගෙදර සිටියේ නැත. එවැනි පුතෙක් හැදීම ගැන නැන්දණියටද දොස් තැබූ බිරිද නිවසින් පිටවී ගොසිනි. ඔහු කොතරම් කරුණු තේරුම් කලත් බිරිද ඒවා වටහා ගත්තේ නැත. කවුරුන් හෝ කේක් කවා සිප වැල්දගන්නා ජායාරූප ඇයට එවා තිබිණි.

පසුව කාර්‍යාලයේ කීප දෙනෙක් මැදිහත්වී තවත් ජායාරූප බොහොමයක් යවා තත්වය සමතකයට පත් කර දෙන්නා දෙමහල්ලෝ නැවත එකතු කර තිබීණි.

උපුටා ගැනීම ලංකාදීප

Leave a Comment