Local News

මංගල දිනය පෙනි පෙනී තිබියදී මල්ලී අතින් මැරුම් කෑ අයියා!

ලබන විසි එක් වෙනිදා විවාහ වීමට සිටි තිස් එක් හැවිරිදි තරුණයෙකු පෙරේදා රාත්‍රියේ දී මාතලේ නිවසක දී ඝාතනය කර ඇතැයි මාතලේ මූලස්ථාන පොලිසිය කියයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ මාතලේ පදිංචි ස්ටීවන් රාජ් නමැති තිස් එක් හැවිරිදි අවිවාහක තරුණයෙක් බව පොලිසිය කියයි. පවුල් ආරවුලක් පිහි ඇනුමකින් මෙසේ කෙළවර වී ඇති බව විමර්ශනවලදී අනාවරණයය වී තිබෙනවා. මියගිය තරුණයා එළඹෙන විසි එක් වන දින විවාහ වීමට සිටි බව ද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය මාතලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

උපුටා ගැනීම – ලංකාදීප.

Leave a Comment