Local News

චතූ මුණසිංහගේ නික්ම යෑම – දහසක් දෙනා හැඩවූ සංවේදී කවි සටහන.

චතූ මුණසිංහ කියන්නේ තමන්ගේ පිළිකාව සමග සටන් කරපු සුන්දර කාන්තාවක්. අවසානයේ පිළිකා මාරයාට පැරදෙන්න ඇයට සිදු වුනත් ජිවත් උන හැම මොහොතකම සතුටින් කාලය ගත කරන්න අමතක කලේ නැහැ. ඉතින් ඒ සුන්දර ගැහැණිය අද සදහටම අපෙන් සමුගත්තා. ඒ වෙනුවෙන් ලියවුණ සංවේදී කවි සටහනක් තමයි මේ. මේ කවි පන්තිය රචනා කරල තියෙන්නේ දක්ෂ ඒ වගේම ජනප්‍රිය කාව්‍ය රචකයෙක් වෙන ඉලක්ෂ ජයවර්ධන මහත්මයා.

කොපි පොතක ලියාගෙන ජීවිතේ හොඳ හරිය
උමතුවෙන් හොයනවා මහරගම යන බසය
මඩෙන් මතුවී ජලය මතුපිටදි දෙන හැඩය
නෙළුම් මහනෙල් මිසක නොපැතුවෙමි උඩවැඩිය

එදා ඉදිරිය බැලුව පයෝධර බිම බලා
පුන් සඳක් සේ දිළෙයි හිසේ කෙස් ගැලවිලා
රන් කඳයි කියන්නට නමුත් නැහැ මැළිවෙලා
අන්න ඒ තරමටම අපට අපි පෙම්කලා


කරන්ට් එක අල්ලන්න ඔයා ගෙන ගිය ට්‍රොලිය
චිරි චිරිස් හඬ දිදී බැලුවේම මගෙ දිරිය
දෙළුම් යුෂ පොවද්දී ඔයා හිනැහුන විදිය
නොදොඩාම කියූවේ දුර ගමන් යන බවය


වාට්ටුව කොනින් මම හැරී යන විට බලා
මම ගෙනා හැමදේම අනුන්ගේ අත තියා
පුරන පාරමී ගැන නොමැති මුත් මට කියා
ඇත්තමයි කවද හරි බුදු වෙනව මයි ඔයා


ටිකක් නින්දෙන් නැගිට ඇවිත් රැයකදි සීත
බදා ගන්නට නොහැක ඉතින් සුදුමැළි දෑත
කැමැත්තෙන් තටු කැඩූ සමඟ සමනල් හීන
සොහොන් කොත මත තබමි එකින් එක පෙම් ගීත


~ ඉලක්ෂ ජයවර්ධන ~

අවසානයේ සංවේදී හිතක් හිමි ඔහු මේ වගේ සටහනකුත් තියල තිබ්බා.

චතූ මුණසිංහ ගෙ නික්මයෑම ගැන අහපු වෙලාවෙ මට මේ කවිය මතක්වුනා.❤️එයාගෙ මහත්තයා දුක වාවගන්න විදිය මට හිතාගන්න බෑ😔

Leave a Comment