Local News

කොළඹ ඉඩම් මිල වේගයෙන් ඉහළට

මෙම වසරේදී කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ‘ඉඩම් තක්සේරු දර්ශකය’ පෙන්වා දෙයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2021 වසරේ පළමු භාගයේ දී 155.1ක් දක්වා ඉහළ ගොස් ඇත.

පසුගිය වසර දෙක තුළ දක්නට ලැබුණු ඉඩම් තක්සේරු දර්ශකයේ වැඩි වීම පහළ යෑමේ ප්‍රවණතාවයට ප්‍රතිවිරුද්ධව යමින් මෙම වසරේදී ඉඩම් තක්සේරු දර්ශකයෙහි වාර්ෂික වර්ධනය 9.5ක් ද අර්ධ වාර්ෂික වර්ධනය 6.8 ක් ද ලෙස වාර්තා වී තිබේ.

ඉඩම් තක්සේරු දර්ශකයෙහි වර්ධනය සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන ඉඩම් තක්සේරු අනු දර්ශක තුනෙහිම ඉහළ යෑම හේතුවී තිබේ.

කාර්මික ඉඩම් තක්සේරු අනු දර්ශකය මගින් වැඩිම වාර්ෂික වර්ධනය වන සියයට 10.1ක අගය වාර්තා වී ඇති අතර, අනුපිළිවෙළි න් නේවාසික සහ වාණිජ ඉඩම් තක්සේරු අනු දර්ශකයන්හි ද වර්ධනයන් දක්නට ලැබේ.

උපුටගැනීම – අරුණ
කතෘ – තරංග

Leave a Comment