කොළඹ මහනගර සභාවේ නගරාධිපති නිල නිවසේ පවිත්‍රතා කටයුතුවලට ගත වූ වසර පහේදි රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් වැය කර ඇතැයි තොරතුරු පනතින් කළ අයැදුමකට පිළිතුරු වශයෙන් නාගරික ලේකම් කාර්යාලය සදහන් කර ඇත.
රෝසි සේනානායක මහත්මිය කොළඹ මහනගරාධිපති ධූරයට පත්වීමෙන් පසුව එහි නිල නිවසේ පිරිවැය සම්බන්ධයෙන් කොළඹ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේම හිටපු මන්ත්‍රීවරුන් සිවු දෙනෙකු විසින් තොරතුරු දැන ගැනීමේ අයිතිය පනතෙන් කරනු ලැබූ අයැදුමකට පිළිතුරු වශයෙන් මෙම තොරතුරු ලබා දී තිබේ.

ඒ අනුව කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානයක සිය නිල නිවසේ විදුලිය පරිභෝජනයේදී හා පවිත්‍රතාවලට සේවකයන් යෙදවීමේදී නගර සභාවේ ක්‍රියාපටිපාටීන්ට පටහැනිව කටයුතු කර ඇතැයි සදහන් කරමින් මෙම හිටපු නාගරික මන්ත්‍රීවරු පිරිස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඊයේ 8 දා පැමිණිලි කර තිබේ.