Uncategorized

ඔයාගේ කසාදෙත් මාසෙන් ඉවර වෙයිද? මේ ලක්ෂණ තියෙනවා නම් ප්‍රවේශමින්.

කසාද බදිනවා කියන්නේ ජීවිතේ අලුත් බලාපොරොත්තුවක් එක්ක පටන් ගන්න දිග ගමනක්. ඉතින් අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ අපේ විවාහය මරණය තුරාම සතුටින් ගත කරන්නයි. නමුත් අවාසනාවන්ත විදියට අපේ රටෙත් දික්කසාද වෙන පිරිසගේ සීඝ්‍ර වැඩිවීමක් සිදු වෙලා තියෙනවා. ඉතින් මේ ලිපියෙන් අපි කතා කරන්න යන්නේ දික්කසාද වෙන යුවලවල් අතර බහුලව දකින්න පුලුවන් ගති ලක්ෂන ගැනයි.

01. ඔයාගේ බිරිද සැමියාගේ පුංචි කාලේ ෆොටෝ බලන්න.

මේක අපිට විකාරයක් වගේ පෙනුනට විද්‍යාත්මක පරීක්ෂණ වලින් සොයාගෙන තියෙන දෙයක්. ඒ පරීක්ෂනයෙන් සනාත වෙලා තියෙනවා පොඩි කාලෙ ෆොටෝ වල ලමයෙක් හිනා වෙලා නෙමෙයි නම් ඉන්නේ ඒ ලමයට වැඩිහිටි දිවියත් සතුටුදායක නැහැ කියල. ඒ නිසා ඔයා තාම විවාහ වෙලා නැත්නම් එයාගේ පවුලේ පින්තූරහොදට බලන්න. ප්‍රීතිමත් ලමා දිවියක් තියෙන කේන්ක් ප්‍රීතිමත් වැඩිහිටියෙක් වෙනවා කියන එකයි මේකේ තේරුම.

02. කටහඩේ ස්වාභාවය.

ඔයාගේ පෙම්වතිය හරි පෙම්වතා හරි ඔයාට කියන දේ නෙමෙයි ගොඩක් වැදගත් වෙන්නේ. එයා ඒක කියන ස්වාභාවය තමයි ගොඩක් වැදගත් වෙන්නේ. එයාගේ කටහඩ අවශ්‍ය අවස්තා වලදී වෙනස් වීම් වලට ලක් වෙනවා නම් එයා කතා බහ කරන වෙලාව අනුව ස්වාභාවය වෙනස් වෙනවා නම් ඒ කියන්නේ ඔහු හෝ ඇය විස්වාසය තබන්න පුලුවන් කෙනෙක් කියන එකයි.

03. යහලුවන් ආශ්‍රය කරන විදිය.

ඩෙන්මාර්කයේ කරපු පරීක්ශණයකට අනුව තහවුරු වෙලා තියෙනවා විරුද්ධ ලිංගිකයන් ස්මග සේවා ස්තානයේ වැඩි කලයක් ගත කරන පිරිස් අනිත් අයට වඩා සියයට 15 ක ප්‍රතිශතයකින් දික්කසාද වීමේ අවධානමක් තියෙන්වා කියල. 1981 වසරේ ඉදන් 2002 වසර වෙනක්න් කරපු මේ පරීක්ෂණයෙන් ලක්ෂයක් පමණ පිරිසක් දික්කසාද වෙලා තියෙන බව සොයාගෙන තියෙනවා.

04. මවගේ හැසිරීම.

දරුවන්ගේ අනාගතයට දෙමාපියන්ගේ හැසිරීම බලපානවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඊටත් වඩා දෙන්නෙකුගේ විවාහයට දෙපාර්ශවයේම මව් මරුන්ගේ ස්වාභාවය විශාල බලපැමක් කරනවා. යම් හේතුවක් නිසා එක් පාර්සහවයක හෝ මවක් දික්කසද වෙලා නම් එහෙමත් නැතිනම් හොද පවුල් ජිවීතයක් ගත කරන්නේ නැතිනම් ඒක දරුවනටත් බලපැම් එල්ල කරන්න පුලුවන්.

05. බිරිදගේ යහලුවන්ට දක්වන අකමැත්ත.

විවාහක කපල් 373 ක් අල්ලා සිදු කරපු පරීක්ෂණයකදී සනාත වෙලා තියෙනවා තමන්ගේ බිරිදගේ යහලුවන් සමග සුහද සම්බන්ධතාවයක් පවත්වාගෙන්නේ නැති අයගෙන් සියයට 46 කට ආසන්න ප්‍රමාණයකගේ විවාහය දික්කසාදයකින් නිමා වෙන බව. ඉතින් ඔයාගේ සැමියාත් ඔයාගේ යහලුවන්ට සලකන්න්නේ කොහොමද කියල ටිකක් විමසිලිමත් වෙන්න.

06. දරිද්‍රතාවය සහ දුප්පත්කම.

ආර්තික අතින් දුර්වල ගෘහයක ජීවත් වෙන එක කොහොමත් පහසු දෙයක් නෙමෙයි. යුවලක් දුප්පත් වෙනවා නම් ඔවුන්ගේ විවාහය දෙදරා යාමේ වැඩි ඉඩකඩක් සහිත බව පර්‍යේෂකයින් පෙන්වා දීලා තියෙනවා. ඉතින් විවාහයකට යන්න කලින් ආර්තික තත්වය ගැනත් සැලකිලිමත් වෙන්න අමතක කරන්න එපා.

07.නිදා ගන්නා ආකාරය.

අපි හිතන්නේ ආදරණීය යුවලක් එකට තුරුල් වෙලා නිදාගන්න එක හොදයි කියල උනාට ඇත්තටම ඒක එහෙම වෙන්නේ නැහැ. දවසේ වෙහෙසකර බවත් කායික මානසික වෙහෙසත් අවම වෙන්නේ සුවදයී නින්දකින්. ඉතින් මේ නිසා පටු ඇදක නිදාගන්නවාට වඩා පළල් ඇදක සුවදායිව නිදාගන්න එක ඔයාලගේ සම්බන්ධය සවිමත් වෙන්න ගොඩක් උදව් වෙනවා.

Leave a Comment