අධිකරණය විසින් 2016/12/02 වැනිදා ඇප මත මුදා හැරීමේදී පනවා ඇති ඇප කොන්දේසි උල්ලංඝනය කර ඇති බවට කරුණු ඉදිරිපත් වී ඇති බැවින් එකී ඇප කොන්දේසි අවලංගු නොකිරීමට හේතු ඇත්නම් ලබන 3 වැනිදා ලිඛිතව කරුණු දක්වන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා සිංහලේ සංවිධානය සභාපති ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට නියෝග කළේය.

මින් ඉදිරියට මහජන කැළඹීම් ඇති වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙසට අවවාද කොට එවැනි ක්‍රියා සිදු නොකිරීම වලක්වන කොන්දේසියක් පනවා ඇති නමුත් ගාලුමුවදොර පිටියේ අරගල කරුවන්ට පහර දීම වැනි මහජනයා තුළ විශාල කැළඹීමක් ඇති කළ සිද්ධියකට සැක කරු සෘජුවම සම්බන්ධ වී ඇති බව විමර්ශන අනුව අනාවරණය වී ඇති බැවින් එම ඇප නියෝග අවලංගු කරන්නැයි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ඊයේ (03) නිකුත් කිරීමටද අධිකරණය දින නියම කලේය.