Gossip Lanka

‘මම මුල්ම රැකියාව විදියට කලේ හෝටලයක පිඟන් හෝදපු එක’ බකිංහැම් මාලිගාවට සුවිශේෂී වූ ශ්‍රී ලාංකීය තරුණයා

ධනංජය තෙන්නකෝන් කියලා ඔහුගේ නම තිබුනත් ගොඩක් අය දන්නේ නම් ඩෑන් තෙන්නකෝන් කියන නමයි. ඔහුගේ සුවිශේෂිත්වය වන්නේ ශ්‍රී ලාංකික පුරවැසියෙක් වුණු මොහු බකිංහැම් මාලිගයේ එළිමහන් සාද වලදී සියලුම සංවිධායක කටයුතු කරන පුද්ගලයා.

වේයන්ගොඩ හැදී වැඩුණු ඔහු බ්‍රිතාන්‍ය රජ පවුලේ එලිමහන් සාදවලදී මූලිකත්වය අරන් වැඩ කරන ඩෑන් සාමාන්‍ය පවුලක පුරවැසියෙක්. අක්කා වගේම අම්මා එංගලන්තයේ ජීවත්වුණු ඩෑන් මුලින්ම එංගලන්තයට ගොස් කලේ ඉහලපෙලේ හෝටලයක පිගන් හේදීම. කුඩා කල සිටම ඉංග්‍රීසි භාෂාව දක්ෂ ලෙස හැසිරවීමට හැකි වුනු ඔහුට එංගලන්තයට ගොස් භාෂාව හැසිරවීමට චකිතයක් තිබුණේ නෑ.

පිගන් හෝදලා, වේටර් ජොබ් එක කරලා සුපර්වයිසර් වෙලා තමයි අද ඔහු මේ තැන ඉන්නේ. ඔහුගේ වාසනාවට උපාධිය අවසන් කිරීමට පෙර ඔහුට මාලිගයේ පුරප්පාඩුවකට ඔහුට ඇතුලත් වන්නට හැකිවන්නේ. රැජිනගේ මාලිගයේ එලිමහන් රාජකීය සාදවල ප්‍රධාන සංවිධායක ලෙස වැඩ කරන්නට හැකිවුණු ප්‍රථම ආසියාතිකයා ලෙස ඔහු හදුන්වන්නට පුලුවන්.

එම සාදයේදී ප්‍රධාන ලෙස ඒ කාලය තුළදී හැදෙන කෑම වර්ග ඇතුළත් කරනු ලබනවා. ඉතා විශාල පිරිසකට කෑම ලොකු ප්‍රමාණයක් ලබා දෙනවා. රැජිනගේ සහ කේට් විලියම් කියන මේ රජ පවුලේ සියළු දෙනාගේ ඉතා නිහතමානීකමක් තිබෙන බවත් ඔහු පවසනවා. ඉතින් ඩෑන් විවාහ වෙලා සිටින්නේ ජෙසිකා නම් එංගලන්ත ජාතික කාන්තාවක්මයි. 2015 දී තමයි මේ දෙදෙනා විවාහ වෙලා තිබෙන්නේ. ඉතින් ලාංකීය පුද්ගලයෙක් එංගලන්තයේ මෙවැනි දෙයක් සිදු කිරීම සම්බන්ධයෙන් ලාකිකයන් හැටියට අපිටත් ලොකු ආඩම්බරයක්. ඉතින් ඔහුගේ ඉදිරි ජීවිතයට අපි සුබ ප්‍රාර්ථනා එක් කරමු.

Leave a Comment