Gossip Lanka

‘සෑම්ට අල්ලන්න කෙනෙක් ඉන්නවනම් වෙන කාගෙවත් අල්ලන්න යන්නෙ නැද්ද’ ජංගි හොරා ශූට් කරද්දි දිල්හානිගේ රෙදි ගැලවුණ හැටි

අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනාගේ ආදරේ ලබන ප්‍රවීණ රංගන ශිල්පිනියක් ගැනයි. ඇය රංගන ශිල්පිනියක් ම පමණක් නෙවෙයි විනිශ්චය කාරිනියක් හැටියටද පුංචි තිරය ඔස්සේ අපට දැකගන්න පුළුවන් වුණා. ඉතින් මේ දක්ෂ කලා ශිල්පිනිය තමයි ඩිල්හානි අශෝකමාලා ඒකනායක කියන්නේ. ආකාස කුසුම්, සොදුරු දඩබිම, ධර්මයුද්ධය, කොටඋඩ එක්ස්ප්‍රස් වැනි බොහොම ජනප්‍රිය චිත්‍රපට රාශියක ම රංගනයෙන් දායක වෙලා තියෙනවා.ඇය විවාහ වෙලා තියෙන්නේ අප කවුරුත් දැන හඳුනන ගායන ශිල්පී පියංකර පෙරේරා සමගින්. ඉතින් මේ ප්‍රියංකරගේත් ඩිල්හානිගේත් පුත්‍රයා තමයි පසිඳු පෙරේරා. පසිදු පෙරේරා මේ වන විට විවාහකයෙක් බව කොයි කවුරුත් දන්නවා.

ආචාර්ය සෝමරත්න දිසානායක මහතා අධ්‍යක්ෂණය කළ රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ බොහොම ජනප්‍රිය චිත්‍රපටයක් තමයි “ජංගි හොරා” චිත්‍රපටය. ඉතින් මෙය වැඩිහිටියන්ට පමණක් වූ චිත්‍රපටයක්. සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් ම කතා කරන මාතෘකාවක් විදිහට අද ජංගි හොරා චිත්‍රපටය ජනප්‍රිය වෙලා තියෙනවා. නම ඇසූ පමණින්ම කාගෙත් හාස්‍ය උපදවන මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වන ප්‍රධාන ම චරිතයක් ලෙස ඩිල්හානි අශෝකමාලා පෙන්වන්නට පුලුවන්. ඉතින් මෙම චිත්‍රපටය නිසා ඇය මුහුණ දුන් අත්දැකීම් ජාතික පුවත්පතකට කියල තිබුනෙ මේ විදියට.

වසංගත කාල සීමාව නිසා පවුලේ අයත් එක්ක සතුටින් කාලය ගත කරන්නට හැකි වුනු ඩිල්හානි ගොඩක් කාර්යබහුල චරිතයක් වුණා. ඩිල්හානිගේ සැමියා ඒ කියන්නේ ප්‍රියංකරගේ තිබුණු අසනීප තත්ත්වයත් එක්ක ඔහුට සැත්කම් කරන්නටත් සිදු වීමත් එක්ක පුතාගේ විවාහයෙන් පසුව තමයි ඩිල්හානි ගොඩක් නිදහස් කෙනෙක් වෙලා තියෙන්නේ. ඉතින් අද වෙන විට ඇය ගැන ප්‍රේක්ෂකයෝ ගොඩක් දෙනෙක් කතා කරන්න පෙළඹිලා තියෙන්නේ මේ ජංගි හොරා චිත්‍රපටයත් එක්ක. ඒ ගැන ඇය කිව්වේ මේ විදියට.

“මේ චිත්‍රපටයේ නම අමුතු නැහැ. නමුත් ගොඩක් දෙනා මේ නම පාවිච්චි කරන්න ලැජ්ජයි. නමට තියන ලැජ්ජාව නිසා සමාජයක් ඉදිරියේ පාවිච්චි කරන්න ලැජ්ජා වුනත් මේ චිත්‍රපටය නැරඹුවා ම තමයි මිනිස්සුන්ට මේකෙ ඇත්ත වැටහෙන්නේ. මේ චරිතය කරද්දි තමයි ඒ චරිතය දැනුනේ. ඒකෙ මට කරන්න පුළුවන් උපරිමය කළා. මේ චිත්‍රපටයේ නයනි වගේ තමයි මමත් ටිකක්. ඒ කියන්නේ වැරදි කෙනෙක්ව නිවැරදි කරන්න උත්සහ ගන්න එක.”

ඇගේ සැබෑ ජීවිතයෙත් මේ විදියට ඇඳුම් නැති වෙලා තියෙනවා කියලා ඇය කිව්වා. නමුත් එහෙම වෙන්න හේතුව කොහොමද කියලා නම් ඇය දන්නේ නැහැ ඒත් ඇය හිතන්නේ ඔය වගේ දේවල් එච්චර ගනන් ගන්න දේවල් නෙමෙයි කියලා. ඉතින් මේ ජංගි හොරා චිත්‍රපටය තුළින් සමාජයට ලබා දෙන්නේ මනුෂ්‍යත්වය තමයි නිතරම අන් සියල්ලටම වඩා පුද්ගලයෙක් තුළ තිබිය යුතුම දේ විදියටයි ඇය කිව්වේ.

ඉතින් මේ චිත්‍රපටය තුළ නිරුවත් දර්ශන වලට ඩිල්හානි තමන්ට හැකි උපරිමයෙන් සාර්ථකව රංගනය සිදු කරලා තියෙනවා. නිර්මාණයකට කරන්න ඕන උපරිම සාධාරණය ඇය සිදු කරන බවයි සඳහන් කළේ. ලංකාව තුළ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටය නම ඇසූ පමණින් මිනිසුන්ට කුතුහලයක් දැනුනත් සමාජය දෙස බැලූ විට සැබැවින්ම ඇත්තේ එයම බවයි දිල්හානි කිව්වේ. ඉතින් අවසාන වශයෙන් කිව්වෙත් තම පෞද්ගලික ජීවිතය ගැන ඇය බෙහෙවින් තෘප්තිමත් වෙනවා කියලයි. ඉතින් මේ දක්ෂ කලා ශිල්පිනිය ගේ ඉදිරි කලා කටයුතු ප්‍රකාරයෙන්ම සාර්ථක සාර්ථක වෙන්න කියල අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

තවත් මේ වගේ රසවත් ගොසිප් බලන්න Naifm.lk වෙත එකතු වෙන්න.

Leave a Comment