Gossip Lanka Life Story

දිනේෂ් තරංගගේ මුහුණු පොතේ දමා තිබූ කවුරුත් නොදත් දුක හිතෙන සටහන

දිනේෂ් තරංග කියන්නේ මෑත කාලයේදී එක පෙළට ගීත රැසක්ම එළිදැක්වූ ජනප්රිුය ගායකයෙක්. ඔහුගේ මීවිත පිරුණා, මනමාල සිතක් වැනි පැරණි ගීත සේම ඉරණම් ගමනේ, සංසාරේ වැනි මෑත කාලයේ නිර්මාඛය කළ ගීතද අතිශයින්ම ජනප්රිාය වුණා.

ඒ වගේම දිනේෂ්ගේ පෞද්ගලික ජීවිතය පිළිබඳවත් විටින් විට සමාජ මාධ්යය හරහා කතාබහට ලක්වෙනවා. කෙසේවෙතත් ඒ පිළිබඳව දිනේෂ් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙන අතරම එදිනම ඔහුගේ නවතම ගීතය වන ‘මෙවුලියේ’ ගීතයත් අන්තර්ජාලයට නිකුත් කර තිබුණා.

එම සටහන සහ ගීතය පහතින්.

මරණය අත ළඟ… හුළඟෙත් ප්‍රියයන්ගෙන් වෙන්වීම ලියවුන මේ වගේ දවස් වල ඇයි මෙහෙම ලියන්න කියලා අහන අයටයි මුලින්ම පැහැදිලි කිරීම…
ආදරයට ගොඩක් ලෝභ මට ❤️ රිඇක්ශන් දාන දාහක් අතරේ 😆 රිඇක්ශන් දාන අතලොස්ස ටයි මේ ආදරණීය ආමන්ත්‍රණය… ඒ වගේම මගේ ගිණුමෙන් පිට, මාත් මගේ පවුලේ අයත් සම්බන්ධයෙන් බුකි ගත වෙන පෝස්ට් වලට එකතු වෙන සමහර අදහස් සාමාන්‍යය මනසක් තියෙන කෙනෙකුට දරාගන්න අමාරු වර්ගයේ ඒවා. බොහොම කෙටියෙන් වචන කරන කිලෝ ගාණක් බර හැඟීම් වල එකතුවක් මෙන්න!

මේ පළවෙනි ඡායාරූපයේ ඉන්නේ මීට අවුරුදු 11කට කලින් 2011දී, කොළේක අත්සන් කරපු පිරිමියෙකුයි ගැහැනියකුයි.
2011දී ඒ පිරිමියට අවුරුදු 21යි.
ගැහැනිය අවුරුදු 30ක එක්දරු මවක්.

දෙවෙනි ඡායාරූපය 2021දී ගත්ත එකක්. ඒ කියන්නේ අද! ඒ දෙන්නා මහ ගොඩක් බාධක මැද්දේ… ඒත් කිටිකිටියේ අත් තදින් අල්ලන් තවමත් එකම පාරක ගමනේ.
😞 ඒ ගැහැණිය වැහැරුනෙත්, ඒ පිරිමියා දවසින් දවස බැබලුනෙත් “ආදරය” සහ “දරාගැනීම” නිසාමයි….
කවි ලිව්වට කමක් නැහැ… පද දැන ගලපලා!!!
සහතික දුන්නට කමක් නැහැ… සම්මතයේ ඔබ පිහිටලා!!!

සිත්රිදවූ සැමසුවපත්වේවා…!

Leave a Comment