Local News

විශාල බුද්ධි ගලනයක්.. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් රැසක් රට හැර යමින්…

මෙරටට බලපා ඇති දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයන් ඇතුළු විවිධ වෘත්තිකයන් දහස් ගණනක් විදේශ ගත වීම සඳහා සූදානම් වී සිටියි.

ඔවුන් දැනටමත් විවිධ වෘත්තීන් සඳහා විදේශයන් වෙත අයදුම්පත් යොමු කර ඇතැයි ද වාර්තා වේ. මෙසේ වෘත්තිකයන් විශාල වශයෙන් රට හැර ගියහොත් ඉන් රටේ පැවැත්මට එමගින් විශේෂ බලපෑමක් සිදු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ වෛද්‍ය උපාධිය හදාරන තරුණ-තරුණියන් අවසාන විභාගය ලිවීමත් සමග එංගලන්තයේ රැකියාවකට සඳහා අවශ්‍ය වන විභාගයකටද පෙනී සිටින බවයි. වෛද්‍ය විභාගය අවසන් වූ සැනින් විදේශගතවීම් ඔවුනගේ බලාපොරොත්තුව බවද හෙතෙම පැවසීය.

Leave a Comment