රට තුළ පවතින කුකුල් මස් හා බිත්තර හිගයට විසදුම් විදියට මව් කිකිළියන් වෙනුවට රක්කවන ලද බිත්තර 176,000ක් ආනයනය කිරීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය කටයුතු කර ඇත.

මෙම රක්කවන ලද බිත්තර සතියකට 44,000 බැගින් මාසයක කාලයකදී ලැබීමට නියමිතව ඇත. මෙම බිත්තර වලින් ලැබෙන කුකුළු පැටවුන් කොරෝනා වසංගත සමයේදී වැසීගිය පුද්ගලික අංශය කුකුළු ගොවිපොළ වෙත සහන මිලක් යටතේ ලබාදීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා නිළධාරීන්ට උපදෙස් දුන්නේය.