World News

තම දියණියට හදි කල තරුණයා මරා වසරක් පුරා එය රහසක් සේ රැකගත් පියා අත් අඩංගුවට!

තමන්ගේ වයස අවුරුදු 19 ක් වූ දියණිය සමග හාද වී ඇයව ලිංගික ජාවාරම්කරුවන්ට විකුණූ තරුණයෙක් පිහියෙන් ඇන ඝාතනය කර ඔහුගේ ශරීර කොටස් වහනයක් තුල සගවා තැබූ පියෙක් පිලිබද වාර්තාවී තිබෙනවා. වයස අවුරුදු 60 ක් වූ ජෝබ් එයිසන්මෑන් නම් මෙම පුද්ගලයා සගවා තැබූ තරුණයාගේ මළ සිරුර හමුවී තිබුනේ වසරකට පසුවයි. පොලීසිය සැක කරන්නේ මෙම ඝාතනය පසු ගිය වසරේ නොවැම්බර් මාසයේ සිදු කරන්නට ඇති බවයි.

දියණියගේ පියා ඇය මෙසේ ජාවාරම්කරුවන්ට විකුණා ඇති බව අනාවරණය කරගෙන තිබෙන්නේත් තරුණයා ඝාතනය කරනු ලැබූ මාසයේදීමයි. ඇයව එහිදි අලෙවී වී තිබෙන්නේ ඩොලර් දහසක මුදලකටයි. කෙසේ හෝ පියා දියණිය එම ජවාරම්කරුවන්ගෙන් බේරාගෙන නිවසට ගෙන ඒමට සමත් වී තිබෙනවා.

මෙසේ ඝාතනය වී තිබෙන්නේ ඇන්ඩෲ සොරෙන්සන් නම් වයස අවෲදු 19 ක තරුණයෙක් වන අතර ඔහුගේ මෘත ශරීරය හමු වන විට කුණු වී දිරාපත් වී හදුනාගත නොහැකි තත්වයට පත් වී තිබෙනවා. මෙම මෘත දේහය සගවා තිබූ මෝටර් රතය පදවා ගෙන ගොස් එය පරීක්ෂා කරන විට එම පුද්ගලයා ඒ පිලිබද්ව දැක පොලීසියට වාර්තා කර තිබෙනවා.

ඝාතනයට ලක් වූ තරුණයා.

ඝාතනය සිදු කල පියා.

Leave a Comment