Advice to Life

කඩෙන් ගන්න බඩු අලුත් ඒවද කියල හොයාගන්න අදින් පස්සෙ මේ ක්‍රම අනුගමනය කරන්න.

සාමාන්‍යෙන් අපි බඩු ගන්න යන්නේ සතියකට වරක් පොලට, සුපර් මාර්කට් එකට එහෙමත් නැතිනම් සුපුරුදු පරිදි කඩයකටයි. ඉතින් මේ කොතනට ගියත් ඒ තැන් වල තියෙන දහස් ගණනක් ආකර්ෂණීය වෙළද භාන්ඩ නිසා ගොඩක් වෙලාවට අපි අතරමං වෙන්න පුලුවන්. නිවසේදී තීරණය කරන් ගිය භාණ්ඩය වෙනුවට වෙනත් භාණ්ඩයක් ගෙනාපු අවස්තාත් ඕනෑ තරම් ඔයාට මතක ඇති. අද මේ ලිපියෙන් අපි ඔයත් එක්ක කතා කරන්න යන්නේ වෙළදපලේ දකින්න ලැබෙන එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය භාණ්ඩ නිවරදිව තෝරාගන්නේ කොහොමද කියලයි. බිත්තර, යෝගට්,පළතුරු, මාළු වගේ දේවල් තෝරගන්නකොට මීට පස්සෙ මේ කරුණු හොදට මතකයේ තියාගන්න. ඔයාටත් පවුලේ අයටත් නැවුම්, පිරිසිදු ආහාර පරිභෝජනය කරන්න එමගින් අවස්තාව සැලසේවී.

  • බිත්තර.

බිත්තරයක් කඩලා භාජනයකට දැම්මම ඒක නැවුම්ද නැද්ද කියල ඔයාට බලාගන්න පුලුවන් විදියක් තමයි කහ මදය පරීක්ෂා කරන එක. බිත්තරයේ කහ මදය හරි මැද ස්තාන ගත වෙලා ඒක වටේ යන්තම් සුදුපාට රවුමක් දකින්න ලැබෙනවා නම් ඒ කියන්නේ ඒ බිත්තරය නැවුම් කියන එකයි. නමුත් එහෙම ස්වාභාවයක් නැතුව බිත්තරයේ කහමදය වෙනම ස්තානයකට ගමන් කරනවා නම් ඒ වටා සුදු රවුමක් දකින්නත් නැතිනම් ඒ කියන්නේ ඒ බිත්තරය තරමක් පරණයි කියන එකයි. අපි දැන් කතා කලේ බිත්තරයක් කැඩුවම නැවුම්ද කියල බලාගන්න විදිය ගැනයි. එහෙම නැතුවත් අපිට පුලුවන් බිත්තරයක් නැවුම්ද නැද්ද කියල තීරණය කරන්න.

බිත්තරයක් ජලය භාජනයකට දමන්න. බිත්තරය භාජනයේ යටටම ගිලෙනවා නම් එහි අදහස බිත්තරය ගොඩක් නැවුම් කියන එකයි. නමුත් බිත්තරයේ කොටසක් ජලය භාජනයේ මතුපිටින් මතු වෙනවා නම් ඒ බිත්තරය නැවුම් බිත්තරයක් වෙන්නේ නැහැ. එවැනි බිත්තර මිලදී ගෙන තිබුණත් ඔබට ඒවා පරිභෝජනය නොකර විසි කරන්නට සිදු වෙනවා.

  • අලිගැටපේර.

අලිගැටපේර කියන්නේ බාල මහළු කොයි කාටත් හොද පෝෂණයක් ලබා දෙන ආහාරයක්. අලිගැටපේර මිලදි ගන්නකොට ඔයා අවධානය යොමු කරන්න ඕන ගෙඩියේ නැට්ටටයි. සෙමින් ඒ නැට්ට ගලවන්න පුළුවන්ද කියල බලන්න. ඒක පහසුවෙන්ම කරන්න පුලුවන් නම් ඒ කියන්නේ අලිගැටපේර ගෙඩිය නැවුම් කියන එකයි. නමුත්  නැට්ට ගැලවීම අපහසු නම් අලිගැටපේර ගෙඩිය තාමත් ඉදිලා නෑ කියල තේරුම්ගන්න ඔයාට පුළුවන්.

  • වට්ටක්කා.

වට්ටක්කා මිලදී ගන්නකොට නැවුම් වට්ටක්කා ගෙඩියක් මිලදී ගන්න විදිය ගැනයි දැන් කියන්න යන්නේ. වට්ටක්කා ගෙඩියට ඇගිල්ලකින් සෙමින් තට්ටු කරන්න. ඔයට ඇහෙන්නේ ඇතුලේ හිස් දෙයක් තියෙනවා වගේ ශබ්දයක් නම් ඒ කියන්නේ වට්ටක්කා ගෙඩිය නැවුම් කියන එකයි. හොද හයිය තියෙන පොත්තක් තියෙනවානම් සහ වට්ටක්කා ගෙඩිය ශක්තිමත් නම් ඔයාට ඒ ගෙඩිය මිලදී ගන්න පුළුවන්.

  • යෝගට්.

සමහරක් වෙලාවට ආහරයට ගන්න සුදුසු ආහාර පවා අපි නොදැනුවත්කම නිසා ඉවත දමනවා. උදාහරණයකට යෝගට් මිලදී ගන්නකොට යෝගට් කෝප්පයේ මතුපිට තියෙන ද්‍ර්වමය මිශ්‍රණය ඔයා දැකලා ඇති. සමරහක් වෙලවට ඒ ස්වාභාවය නිසා අපි යෝගට් එක ආහාරයට නොගෙන ඉවත දමනවා. නමුත් ඒ අපිට දකින්නට ලැබෙන්නේ මෝරු කියන මිශ්‍රණයයි. ඒවා පෝෂණ ගුණයෙන් බහුල වෙනවා. මේ නිසා ඒවගේ අවස්තාවක ඒ මෝරුත් කවලම් කරගෙන යෝගට් එක ආහාරයට ගන්න ඔයාට පුලුවන්.

  • මාළු.

මාළු මිලදී ගන්න එක ගොඩක් දෙනෙක් දකින්නේ අමාරු කාර්‍යයක් විදියටයි. නමුත් අපි කියල දෙන මේ විදියට මාළු තේරුවොත් ඔයාටත් පවුලේ අයටත් හැමදාම නැවුම් මාළු ආහාර්‍යට ගන්න ලැබේවී. මාළු මිලදී ගන්න කලින් ඇගිල්ලෙන් මාළුවා තද කරන්න. නැවතත් තද කල ස්තානය ඉක්මනින් යථා තත්වයට පත් වෙනවා නම් එහි අදහස වෙන්නේ ඒ මාළුවා නැවුම් කියන එකයි. ඒ වගේම මාළුවා තිරස් අතට ඇල්ලුවම සෘජුව ඉන්නවා නම් සහ මාළුවාගේ ඇස් ගිලී නැතිනම් ඔයාට පුළුවන් ඒ මාළුවා මිලදී ගන්න.

  • මස්.

මාළු වගේම මස් මිලදී ගන්නකොටත් අපි අවධානය යොමු කරන්නට ඕන කාරණා බොහොමයක් තියෙනවා.මස් අපි දාලා තියන්නේ ශීතකරණයක් තුලයි. ශීතකරණයෙන් පිටතට ගන්නා මස් වටා විශාල අයිස් තට්ටුවක් තිබෙනවා නම් ඒ කියන්නේ ඒ මස් බොහෝ පැරණි ඒවා බවයි. ඒවගේම මස් මිලදි ගැනීමෙන් පසුව සම අධිකව රතු පැහැ ගැන්වී ඇතිනම් එම මස් පරිභෝජනය කිරීමද සුදුසු වන්නේ නැහැ.

  • පොල්තෙල්.

ව්‍යාජ සහ විෂ සහිත පොල්තෙල් කියන්නේ ගෘහණියන් අතර විශාල බයක් උපදවන කාරණයක්. ව්‍යාජ සහ කවලම් පොල්තෙල් හදුනා ගන්න මේ ක්‍රමය අනුගමනය කරන්න ඔයාට පුලුවන්. පොල්තෙල් මිලදී ගැනීමෙන් පසු මිනිත්තු තිහක් එය ශිතකරණයේ තබන්න. යම් හෙයකින් කවලම් ද්‍රව්‍ය හෝ ව්‍යාජ අනුකරණ පොල්තෙල් වල ඇතිනම් ඒවා වෙනම තට්ටුවක් ලෙස තැන්පත් වී තිබෙන ආකාරය දැක ගන්නට ඔයාට පුළුවන් වේවී.

  • ළූණු.

 ළූණු මිලදී ගන්නකොට නැවුම් ළූණු මිලදි ගන්න අවශ්‍ය නම් ඔයා අවධානය යොමු කරන්න ඕන ඒවායේ පොත්ත ගැනයි. උඩම තියෙන පොත්ත ගැලෙව්වම දකින්නට ලැබෙන ළූණු සිවියේ කළු පැහැති පැල්ලම් දකින්නට ලැබෙනවා නම් එහි අදහස වන්නේ ඒවා බොහෝ පැරණි ඒවා බවයි. මේ නිසා ඒවා මිලදී ගැනීමෙන් වළකින්න.

  • ලෙමන්.

ලෙමන් ගෙඩියක් හොදින් ඉදිලාද නැද්ද කියන එක ඇසින් බලා තීරණය කරන්න අපිට පුළුවන්. බොහෝ දීප්තිමත් සහ සෞම්‍ය පැහැයක් ඇති ලෙමන් ගෙඩි පරිභෝජනය සදහා තෝරා ගන්න.මලානික යන්තම් කොළ පැහැයක් සහිත කහ ලෙමන් මිලදී ගැනීමෙන් වලකින්න.

කෝපි.

කෝපි කියන්නේ උදෑසන වගේම සවස් කාලයටත් බොහෝ දෙනෙකුට නැතුවම බැරි පානයක්. කෝපි පවුඩර් මිලදී ගන්නා විට ඒවා ස්වභාවික හොද ගුණයකින් පිරිපුන් එකක්ද යන වග තීරණය කිරීම පහසු වන්නේ නැහැ. බොහෝ වෙලාවට කෝපි වල ආවේණික රසය කෝපි කුඩු වලින් ලබා ගැනීමට ඔබට හැකි වෙන්නේ නැහැ. මේ නිසා වඩාත්ම සුදුසු වන්නේ කෝපි ඇට මිලදී ගැනීමයි. ඒවා ග්‍රයින්ඩරයක් ආධාරයෙන් කුඩු කිරීමෙන් ප්‍රණීත සහ ආවේණික රසයෙන් යුතු කෝපි කෝප්පයක් පානය කිරීමට ඔබට හැකියාව ලැබෙනවා.

Leave a Comment