World News

හොදම යහලුවාට හැත්තෑවරක් පිහියෙන් ඇන මරා දැමූ පාසල් සිසුවා!

ඇමරිකා එක්සත් ජනපදයේ වයස අවුරුදු 15 ක් වූ මත් ද්‍රව්‍ය ජාවාරමට ඇබ්බැහි වූ පාසල් සිසුවෙක් තමන්ගේ හොදම යහලුවෙක් වූ වයස අවුරුදු 12 ක තවත් සිසුවෙක් දරුණු ලෙස පිහියෙන් හැත්තෑ වතාවක් ඇන ඝාතනය කර තිබෙනවා. මෙසේ දරුණු ලෙස ඝාතනය සිදු කල දරුවාගේ නම මාර්ෂෙක් ග්‍රෙෂ්ක් නම් වූ අතර ඉහල උසාවිය විසින් ඔහුට වසර 16 ක සිර දඩුවමක් පනවා තිබෙනවා. ඔහු තම යහලුවා ඝාතනය කර තිබෙන්නේ බොස්ටන් ප්‍රාන්තයේ කැලෑබද ප්‍රදේශයක් වන ෆිෂ්ලොෆ්ට් නම් ප්‍රදේශයේදීයී. ඝාතනය සිදු කල දරුවා ඝාතනය සදහා සූදානම් වී පිහියක් සහ අත් මේස් ද රැගෙන පැමිණ තිබීම බොහෝ දෙනෙක් විමතියට පත් කරවූ කාරණයක් වුනා. ඒ නිසාම මෙම ඝාතනය සංවිධානාත්මක ඝාතනයක් බව පැවසීමට වෙනත් කරුණු අවශ්‍ය වූයේ නැහැ.

ඝාතනයට ලක් වූ දරුවා රොබර්ට් බුන්සිස් නම් වූ අතර ඔහු ජීවත් වූයේ තම මව සහ පියා සමගයි. ඝාතනය සිදු කල දරුවා රොබට් කැදවාගෙන වනාන්තර ප්‍රදේශයට ගොස් තිබෙන අතර එහිදී මෙම ඝාතනය සිදු කර තිබෙනවා. එසේම ඝාතනය සිදු කල මාර්ෂෙක් නම් සිසුවා මීට පෙරද පිහියක් රැගෙන පාසලට ගොස් දරුවන් බිය වද්දා ඇති බවද අනාවරණය වී තිබෙනවා.

ඝාතනය  වූ දරුවාගේ පියා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුනේ කිසිදු පියෙකුට තමන්ගේ දරුවා භූමදාන කිරීමට සිදු නොවිය යුතු බවයි. එසේම ඝාතනය සිදු කල දරුවාගේ පවුල පිලිබදව තමන් විනිශ්චය නොකලත් වරදට දඩුවම් දීමට තමා සම්පූර්ණයෙන්ම උසාවියට පවරන බවත් ප්‍රකාශ කර තිබුනා.

කෙසේ වෙතත් ඝාතනය සිදු කල දරුවාගේ මව තවමත් එය පිලිගැනීමට සූදානම් නැති බවද වාර්තා වී තිබෙනවා.

ඝාතනය සිදු කල අවුරුදු පහලවක් වූ පාසල් සිසුවා.

ඝාතනය වූ වයස අවුරුදු 12 ක් වූ පාසල් දරුවා.

Leave a Comment