Local News

පොලීසියට සද්දේ දැමු දෙදෙනෙක් අත්අඩංගුවට

පොලිස් රාජකාරියට බාධා කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (03) රාත්‍රී කාලයේ දී ඇහැටුවැව පොලිස් වසමේ දළුපතගම ප්‍රදේශයේ දී පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් නීතිවිරෝධී මත්පැන් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට ගොස් ඇති බවය.

එහිදී සැකකරු සමග ඔහුගේ පුතා එක්ව අත්අඩංගුවට ගැනීමට විරෝධය පාමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තිබුණි.

පසුව එම සැකකරුවන් දෙදෙනා පොලිස් නිලධාරීන්ට සාපරාධි බලහත්කාරය පෑමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 28ක් හා 52 හැවිරිදි මකුලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් අද (04) ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Comment